අල් කයිඩා සංවිධානය නිර්මාණය කළේත් ඊට මූල්‍යය අනුග්‍රහය දැක්වූයේත් ඇමරිකාව බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරන වීඩියෝ පටයක් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතියි.

ඉහත වීඩියෝ පටය සී.එන්.එන් ප්‍රවෘතියක කොටසක් වන අතර එය යූ ටියුබ් වෙබ් අඩවිට‍ මුදා හැරීමෙන් පසු ලොව පුරා පැතිර ගොස් ඇත.

එහි ඇය කියා සිටින්නේ සෝවියට් තර්ජනය හමුවේ සෝවියට් හිතවාදී ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුවට එරෙහිව සටන් වැදීම සඳහා වසර 30කට කලින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පිහිටවූ බවයි.

රේගන් ජනාධිපතිවරයා කොංග්‍රසයේ සහයද ඇතිව මෙම කටයුත්තට මැදිහත් වූ බව ඇය පිළිගනී.