අලින්ගේ පූර්වජයන් දඩයම් කිරීමට පැරණි මානවයා පුරුදුව සිටින්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් මේ බව කියා සිටින්නේ වයඹ දිග මෙක්සිකෝවේ හමුවූ ගොෆෙතේරස් සතුන් දෙදෙනකුගේ අස්ථි කොටස් පරීක්ෂා කිරිමෙන් සොයාගත් කරුණු පදනම් කරගනිමිනි.
ගොෆෙතේරස් යනු මැමත් සතුන්ට වඩා කුඩා වත්මන් අප්‍රිකානු අලියකුගේ විශාලත්වයෙන් යුතු පසු කාලීන අයිස් යුගයේ දී ජීවත් වූ සත්ත්ව විශේෂයකි. ජීව විද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ සත්ත්ව විශේෂය වත්මන් අලියාගේ පූර්වජයන් බවයි. මෙක්සිකෝවෙන් සොයාගත් මේ මේ සතුන් දෙදෙනා වැඩිහිටි සතුන් නොවන බවත් ඔවුන් ලාබාල වියේ දී දඩයක් කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවත් පුරාවිද්‍යාඥයෝ කියති.
අස්ථි කොටස් පරීක්ෂා කළ ඇරිසෝනාවේ හොලීඩේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ රේඩියෝ කාබන් කාලනිර්ණයට අනුව ඒ සතුන් දෙදෙනා මියගොස් ඇත්තේ අදින් වසර 13,500 ට පෙරාතුව බවයි. උතුරු ඇමෙරිකා අර්ධද්වීපයේ සිටි මානවයන් කණ්ඩායම් වශයෙන් එක්වී ගල් ආයුධ යොදා ගනිමින් ඉතා වෙහෙසකර ලෙස ආහාර සඳහා ගොෆෙතේරස් සතුන් දඩයම් කරන්නට ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. මානවයන්ට පහසුවෙන් ගොදුරු වන්නට ඇත්තේ මෙවැනි ලාබාල සතුන් බවත් ඔවුන්ගේ මතයයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd