ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන්ගේ අනුග‍්‍රහය යටතේ, අල් කයිඩා සංවිධානය පිහිටුවා අදට වසර 25 ක් ගත ඇති බවත් අද එය ඇමෙරිකාවටම පාරා වළල්ලක් වී ඇතැයි විදෙස් පුවත් විචාරකයෝ පවසති.
අල් කයිඩා සංවිධානය පිහිටුවනු ලැබුවේ පාකිස්තානය කේන්ද්‍රකොට ගනිමිනි. ඒ, සෝවියට්වරු ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කරගෙන සිටි අවදියේ දී ඔවුන්ට එරෙහිව සටන් කිරීමටය.
ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන් අල් කයිඩාවට අවි ආයුධ දී ශක්තිමත් කළ බව ප‍්‍රසිද්ධ රහසකි. අද අල් කයිඩාව පාකිස්තානයෙන් බැහැර වී ඇෆ්ගනිස්තානයේ, මැදපෙරදිග, සහ උතුරු අපි‍්‍රකාව පුරා ද ව්‍යාප්ත වී ඇත.