සිරියානු රජයට එරෙහිව ආයුධ ගෙන සටන් වදින කැරැලිකාර හමුදාවේ නායක කමාල් හම්මාමී පෙරේදා (13) මරා දැමුණු බවටත් ඔහු මරා දමනු ලැබුවේ එම කැරැලිකරුවන්ට සහායදෙන අල් කයිඩා සටන්කාමීන් බවටත් කැරැලිකරුවෝ චෝදනා කරති.
කමාල් හම්මාමීගේ ඝාතනය වෙනුවෙන් පළිගන්නා බව ද කැරැලිකරුවන් පවසා ඇත. රජය සමඟ සටන් කරන කැරැලිකරුවන් විසින් පිහිටුවා ගෙන ඇති කැරැලිකාර හමුදාව ‘නිදහස් සිරියා හමුදාව’ ලෙස හැඳින්වේ.
නිදහස් සිරියානු හමුදාවට සිරියානු කැරැලිකරුවන්ට අමතරව ඉරාකයෙන් පැමිණි අල් කයිඩා සටන්කාමීන් පමණක් නොව ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඒජන්තවරුන් ද සම්බන්ධ යැයි සිරියානු රජය අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.
කමාල් හම්මාමී ඝාතනය වූයේ කැරැලිකරුවන්ගේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලූ මතුවීම හේතුවෙන් යැයි සිරියානු රජය පවසා ඇත.
සිරියා කැරැලිකරුවන්ට නායකත්වය දෙන්නේ ‘අල් නූස්රා පෙරමුණ’ නමැති සංවිධානයයි. එම සංවිධානය මෙහෙයවන්නේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරයකු යැයි අල් කයිඩා සංවිධානයේ හිටපු සාමාජික ෂෙයික් නයීම් මීට සති කිහිපයකට පෙර පවසා තිබුණි.
‘අල් නූස්රා පෙරමුණ’ නමැති සටන්කාමී සංවිධානය ද අල් කයිඩා සංවිධානයට හිතවත් ඉස්ලාමීය සටන්කාමීන් පිරිසකි. ඇමෙරිකාව එම සංවිධානය ද ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.
ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරුන්, ජෝර්දානයේදී සිරියානු කැරැලිකරුවන්ට දිගටම ආයුධ පුහුණුව ලබා දෙන බවට ද සිරියානු රජය චෝදනා කරයි.
සිරියානු රජයේ හමුදාවට අයත් ප‍්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකිවලට පහර දීමට සිරියානු කැරැලිකරුවන්ට එම පුහුණුව ලබා දෙන බව ද සිරියානු රජය චෝදනා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බයෝ.හම්බයෝ කා ගනියෝ (අ)
චේතනාව විනාශය කරා ගෙනයන හැටි බුදුන් දේශනා කළේය. ඔහු ව හෙළා දකිමින් පැවතෙන මති මතාන්තර ආගම් බුදුන්ගේ දහමේ හරයට උදාහරණ ලෙස මතුවෙමින් පවතී (නි)
හරාම්ද ? හලාල්ද ? (නි)
එක ඒකාධිපතියෙක් නිසා කොයි තරම් නම් විනාශයක්ද වෙන්නේ? (නි)