IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල් කයිඩා සටන්කාමීහු සිරියා කැරැලි නායකයා මරා දමති

සිරියානු රජයට එරෙහිව ආයුධ ගෙන සටන් වදින කැරැලිකාර හමුදාවේ නායක කමාල් හම්මාමී පෙරේදා (13) මරා දැමුණු බවටත් ඔහු මරා දමනු ලැබුවේ එම කැරැලිකරුවන්ට සහායදෙන අල් කයිඩා සටන්කාමීන් බවටත්  කැරැලිකරුවෝ චෝදනා කරති.
කමාල් හම්මාමීගේ ඝාතනය වෙනුවෙන් පළිගන්නා බව ද කැරැලිකරුවන් පවසා ඇත. රජය සමඟ සටන් කරන කැරැලිකරුවන් විසින් පිහිටුවා ගෙන ඇති කැරැලිකාර හමුදාව ‘නිදහස් සිරියා හමුදාව’ ලෙස හැඳින්වේ.
නිදහස් සිරියානු හමුදාවට සිරියානු කැරැලිකරුවන්ට අමතරව ඉරාකයෙන් පැමිණි අල් කයිඩා සටන්කාමීන් පමණක් නොව ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඒජන්තවරුන් ද සම්බන්ධ යැයි සිරියානු රජය අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.
කමාල් හම්මාමී ඝාතනය වූයේ කැරැලිකරුවන්ගේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලූ මතුවීම හේතුවෙන් යැයි සිරියානු රජය පවසා ඇත.
සිරියා කැරැලිකරුවන්ට නායකත්වය දෙන්නේ ‘අල් නූස්රා පෙරමුණ’ නමැති සංවිධානයයි. එම සංවිධානය මෙහෙයවන්නේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරයකු යැයි අල් කයිඩා සංවිධානයේ හිටපු සාමාජික ෂෙයික් නයීම් මීට සති කිහිපයකට පෙර පවසා තිබුණි.
‘අල් නූස්රා පෙරමුණ’ නමැති සටන්කාමී සංවිධානය ද අල් කයිඩා සංවිධානයට හිතවත් ඉස්ලාමීය සටන්කාමීන් පිරිසකි. ඇමෙරිකාව එම සංවිධානය ද ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.
ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරුන්, ජෝර්දානයේදී සිරියානු කැරැලිකරුවන්ට දිගටම ආයුධ පුහුණුව ලබා දෙන බවට ද සිරියානු රජය චෝදනා කරයි.
සිරියානු රජයේ හමුදාවට අයත් ප‍්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකිවලට පහර දීමට සිරියානු කැරැලිකරුවන්ට එම පුහුණුව ලබා දෙන බව ද සිරියානු රජය චෝදනා කර තිබේ.



අදහස් (0)

අල් කයිඩා සටන්කාමීහු සිරියා කැරැලි නායකයා මරා දමති

සුධේශ් Monday, 15 July 2013 08:04 PM

හම්බයෝ.හම්බයෝ කා ගනියෝ (අ)

:       0       0

උදය Thursday, 18 July 2013 01:59 AM

චේතනාව විනාශය කරා ගෙනයන හැටි බුදුන් දේශනා කළේය. ඔහු ව හෙළා දකිමින් පැවතෙන මති මතාන්තර ආගම් බුදුන්ගේ දහමේ හරයට උදාහරණ ලෙස මතුවෙමින් පවතී (නි)

:       0       0

සම්පත් Monday, 15 July 2013 09:37 AM

හරාම්ද ? හලාල්ද ? (නි)

:       0       0

ලුම්බිණි Monday, 15 July 2013 10:00 AM

එක ඒකාධිපතියෙක් නිසා කොයි තරම් නම් විනාශයක්ද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site