ඇමෙරිකා ජාතික ආරක්ෂක ආයතනය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සියයේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් එරට ආරක්ෂක අංශ රහස් හෙළි කිරීමත් සමඟ, අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානය ඔහුන්ගේ ක‍්‍රමෝපායන් වෙනස් කර ඇතැයි ඇමෙරිකානු බුද්ධි අංශ ඊයේ (27) අනාවරණය කළේය.
ඇමෙරිකාවේත්, විදෙස්වලත් සිටින ඇමෙරිකන් වැසියන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීමට මානබලමින් සිටින අල් කයිඩා ඉස්ලාමීය සටන්කාමී සංවිධානය මේ වන තෙක් අන්තර් ජාලය ඔස්සේ ස්කයිප් වැනි සන්නිවේදන මෘදුකාංග භාවිත කරමින් රහසේ පණිවුඩ හුවමාරු කර ගෙන ඇත.
ස්නෝව්ඩන්ගේ හෙළිදරව්වෙන් පසු, ඔවුන් පමණක් නොව, ඇමෙරිකාවේ සතුරන් වන සෙසු ත‍්‍රස්ත සංවිධාන පවා, ඇමෙරිකානු ආරක්ෂක සහ බුද්ධි අංශ මඟ හැර පණිවුඩ හුවමාරුවට නව ක‍්‍රමවේදයන් සොයාගෙන ඇති බවත්, ඒවා කුමක්දැයි කඩිනමින් සොයා ගැනීමට නොහැකි බවත් ඇමෙරිකානු බුද්ධි අංශ හෙවත් සී.අයි.ඒ. සංවිධානය වැඩිදුරටත් කියා සිටී.
2001 වසරේ ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයෙන් පසු, ඇමෙරිකාව ‘ත‍්‍රස්තවාදයට එරෙහි සටන’ නමින් නව පනත් සහ නීති සකස් කර ගත්තේය. ඒ අනුව, සැකකටයුතු අයකු අත්අඩංගුවට ගැනීම, රඳවාගෙන ප‍්‍රශ්න කිරීම ආදී කි‍්‍රයාකාරකම් රැුසකට විශේෂ අවසර හිමිවෙයි.
අත්අඩංගුවට ගැනෙන එවැනි පුද්ගලයන් කියුබාවේ කෙළවරක ඇමෙරිකා රජයට අයත්ව පිහිටා ඇතිග්වන්තනාමෝ සිරකඳවුරට යැවේ. මිහිපිට අපායක් ඇති නම්, වධකාගාරයක් ඇති නම්, ඒ ග්වන්තනාමෝ බේ සිර කඳවුර යැයි එහි රැුඳෙවියෝ පවසති.
ඔවුන්ට අපා දුක් විඳීමට සිදුවෙයි. අත්අඩංගුවට ගත් ඇතැමුන් සම්බන්ධයෙන් තවමත් චෝදනා ඉදිරිපත් කිරීමක් හෝ නඩු පැවැරීමක් හෝ සිදු කර නැත. රැුඳෙවියන් නිරන්තරයෙන් වධ බන්ධනයන්ට ලක් කෙරේ. බන්ධනාගාරය පාලනය කෙරෙන්නේ ඇමෙරිකා හමුදාව යටතේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අල් කයිඩා සටන්කාමීහු ඇමෙරිකාවට පහරදීමේ ක‍්‍රමෝපායන් වෙනස් කරති
සුදේශ් Friday, 28 June 2013 01:33 PM
අල් කයිඩි නම් ඉවර කරලා දාන්න ඕනේ. නැතන්ම අපේ රටේ වත් ඉන්න බැරි වෙයි.(නදී)
සේකර Friday, 28 June 2013 02:06 PM
ත්‍රස්තවාදයට එරෙහි සටනට නම් හැම රටක්ම සහාය දෙන්න ඕනි. (අ)
මර්ටිනස් Friday, 28 June 2013 08:30 PM
ඇෆ්ගනිස්තානේ පස් ගොඩක් වුනා. ලක්ෂ ගානක් මැරුනා. අදටත් මැරෙනවා ඉවරයක් නැහැ. ඉරාකේ,පාකිස්ථාන් මිනිස්සුත් මැරෙනවා. ඉස්සරහටත් එහෙම වෙයි. ලුණු කෑවොත් වතුර බොන්න වෙනවනේ (නි)
ශිරෝමි පිළියන්දල Saturday, 29 June 2013 12:00 PM
ඇයි ඇමරිකාවට විතර ද ඔය නීති (අ)
ෂලිනි Friday, 28 June 2013 03:38 PM
වෙන්න බෑනෙ.කවුද ඔය සිරකඳවුරට ගිහින් ආවේ?අනික ලෝකේ කොහෙත් සිර කඳවුරුවල සැප පහසුකම් දෙන්නේ නෑ.මොකද ඒක හිර ගෙයක්නේ. (අ)
රිෂාර්ඩ් Saturday, 29 June 2013 12:32 AM
මර්ටිනස්, දන්නවනේ රුසියවටයි, බ්‍රිතාන්‍යටයි මොකද වුනේ කියලා.ඕක වවා ගැනීමක් (නි)
ලකී Saturday, 29 June 2013 10:28 PM
සේරම ඉවරකරලා දන්නා හොඳේ (අ)
අනිල් Sunday, 30 June 2013 12:09 AM
කෝ අර මානව හිමිකම් ගැන කතාකරන ඇමරිකාව? (නි)
ද සිල්වා බෙර්ලින් Saturday, 29 June 2013 03:47 AM
ඇමරිකාව තේරුම් ගන්න ඕනෑ කොයි ත්‍රස්තවාදියත් ජිවිත සහ දේපල විනාශ කරනකොට උන්ව මර්දනය කරන්න මොන රටටත් සිද්ධ වෙනවා කියලා (නි)
රිෂාර්ඩ් Friday, 28 June 2013 05:44 PM
ලුණු කෑවොත් වතුර බොන්න කිව්වලු (අ)
කුමාරි Friday, 28 June 2013 12:37 PM
දැන් මේවට මානව හිමිකම් බලපාන්නෙ නැද්ද? (නි)
විමල් Saturday, 29 June 2013 08:37 AM
මම ඇමරිකාවට සහයෝගය දෙනවා.(නදී)