
හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් අර්බුදය සාමකාමීව විසඳීමේ අරමුණින්, රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, විශේෂ සමුළුවක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්විණි.
සමුළුව පැවැත් වූයේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගේ ප්‍රධානත්වයෙනි.
සමුළුවට සහභාගී වූ රටවල් වන්නේ ජෝර්දානය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, චීනය, එක්සත් රාජධානිය, කටාර් රාජ්‍යය, දකුණු අප්‍රිකාව සහ ඇමෙරිකාවය.
ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද සමුළුවට එක් වූහ. ඊශ්‍රායලයෙන් කිසිදු නියෝජිතයකු පැමිණ සිටියේ නැත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd