අත දරුවෙකුගේ හිසට පිස්තෝලයක් එල්ල කරගෙන සිටිනා අයුරු දැක්වෙන ඡායාරූපයක් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළ කාන්තාවක් ගැන පසුගිය දිනයන්හිදී අන්තර්ජාලයේ කතාබහට ලක් විය.
කාන්තාවගේ අත රැදි දරුවාගේ හිසට ඇය පිස්තෝලයක් එල්ල කරගෙන සිටිනු මේ ඡායාරූපයේ දැක්වේ.පිස්තෝලය සැබෑ එකක්ද නැතහොත් ආකෘතියක්ද යන්න ගැටලූවක් වුවත් ඡායාරූපය දුටු බහුතරයගේ මතය මෙම ඡායාරූපයෙන් ඉස්මතු වන අදහස හුදෙක් පිස්තෝලය සැබෑ වීම හෝ නොවීමට වඩා දෙයක් බවයි.මෙවන් ඡායාරූපයක් ගෙන එය ෆේස්බුක් වෙබ් අඩවියේ සියල්ලන්ට දැකගත හැකි වන සේ පළ කිරීම අතිශයින් පිළිකුල් සහගත හැසිරීමක් බව ඔවුන්ගේ මතයයි.
ඡායාරූපයේ සිටින තැනැත්තියගේ සැබෑ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැත.දැනට සොයාගැනීමට හැකිව ඇත්තේ ඇය ආර්ජන්ටිනාවේ වාසය කරන්නියක බව පමණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාර්ථනා ඔබ හරි.ලංකාවේ අම්මලට තමන්ගේ පුතා කොච්චර ලොකු උනත් ඒ අම්මා මැරෙනකන්ම ඒ පුතා එයාගේ චුටි පුතාම තමයි.දුව චුටි දුවම තමයි.තාම අපේ රටේ අම්මලාගේ දරු කැක්කුම කියන එක රැදිලා තියනවා.නාගරීකරණයේ ප්‍රතිපලයක් විදිහට මව් සෙනෙහසින් දරු සෙනෙහස ඉවත් වේගන යන කාලයක් අපිට දකින්න පුළුවන්.ඒකට හේතුව දැන් අම්මලට දරුවන්ට වැඩ ආදරය කරන්න බාහිර දේවල් ගොඩක් තියන නිසා.නමුත් තාමත් අපේ ගම්වල අම්මලා ළඟ ඒ දරු සෙනෙහස පිටාර ගලනවා.ඉඳලා හිටලා නමට පමණක් වැදූ අම්මලා ඉන්න පුළුවන්.අපි මොන ආගමක් ඇදහුවත් මේ රට හැඩ ගැහිලා තිබුන ආගමික රටාව කොච්චර කෑ ගැහුවත් හැම ආගමිකයෙකුගේම හදවත් වලට පොඩ්ඩක් හරි ඇතුල්වෙලා තියනවා.අන්න ඒ නිසා තව ටික කාලයක් හරි ඔය ගතිය තියෙයි.එතකන් වත් අපි මේ මව්පිය දුදරු සම්බන්ධකම රැකගන්න උත්සහ කරමු .සැමට ජයවේවා. (ස)
අනේ ලෝක ගෝලය කැරකෙනවා. නවත්තල කොමද බලන්නේ. රථ වාහන පොලොසියත් ඡන්දෙට ගිහින් ...මොන දෙයියට කියන්නද? (දී)
විජේසිංහ ඒත් ලංකාවේ අම්මල නම් නෙමෙයි. හේතුව ළඟදී අහන්න ලැබුනේ අපිට ළමයි ලැබුන ගමන් මරල දාන අම්මල ගැන. මේක නිකම් විහිලු කිරීමක්. ඒකෙන් කාටවත් මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔය ළමයට ඒක තේරෙන්නෙත් නැහැ. මේ ලෝකේ මීට වැඩිය දේවල් වෙනවා.(නදී)
හා...හා...රුප නැන්දට තදවෙලා. "ඔයා සරමක් ඇදන් නේද ඔලුවෙන් හිටගෙන ඉන්නේ" මොනවද ඔය ඇසි පිය නොහෙළා බලන් ඉන්නේ?(නදී)
විජේසිංහ ගේ අදහස මමනම් අනුමත කරන්නේ නැහැ. අම්මල කිව්වම කොයි අම්මත් එකයි. යුරෝපයේ ඉන්න ජනගහනයේ හැටියට; එහෙ දරු උපත් වැඩියි. දැන් ලංකාවේ කිව්වම පහුගිය දවස්වල දිගටම තිබුනේ දුරුවරු මරල හංගල. දරුවෝ දාල ගිහිල්ල. මේවගේ දේවල් නේද? ඉස්සර මේවගේ දේවල් අහන්න ලැබුනද? මෙහේත් බොහොම සල්ලි කර පවුල් වල උනත් , චාමෙට, වැදගත් විදියට ළමයි හදන දෙමව්පියෝ ඕනේ තරම් ඉන්නවා. ඒ වගේම දරුවන්ට නොසලකන අයත් ඉන්නවා . නමුත් මේ වගේ අම්මල නම් ඇත්තටම දෙන්නේ බොහොම නරක ආදර්ශයක්. (දී)
අනේ මෙහෙම අම්මලා (දී)
ලොව උතුම්ම පදවිය අම්මාමයි. එය කෙලසන සුම්මාවරු කොයි රටෙත් සිටිති. හොද අම්මෙක් ලබන්නට ජාති ජාතිත් පින් කරමු. (නි)
විජේසිංහ , ආර්ජන්ටිනාව තියෙන්නේ යුරෝපයේද ? හොදට ලෝක සිතියම බලලා අදහස් පළකරන්න .... (නි)
යුරෝපයේ අම්මලාට දරුවන් නොවටී. ලෝකේ වැඩිපුරම දරුවන්ට ආදරේ කරන්නේ ආසියානු රටවල අම්මලා. (ස)
අම්මා කෙනෙක් කිව්වට එච්චර වයස නැති අම්මා කෙනෙක්. මෙච්චර දගලන්න තරම් දෙයක් ඒ පින්තූරේ නැහැ මට නම්.නිකන් විහිලුවට ගත්ත පින්තූරයක් වගෙයි (නි)
ඔය වගේ අම්මලා නිසා තමා ත්‍රස්තවාදියෝ බිහිවෙන්නේ (නි)
විජේසිංහ, ඔයා සරමක් ඇදන් නේද ඔලුවෙන් හිටගෙන ඉන්නේ. ඒක තමයි ඇස්දෙක වැහිලා සරමේ වාටියට.ලෝක ගොලේ ත්‍රිකෝණා කාරව නේද ඔයාට පෙනුනේ.(නදී)
දැන් මේක අනුකරණය කරන්නත් කට්ටය ඉදියි.(නදී)
සෞදියේ අම්මලත් ඔහොම තමයි ළමයව නැනීට බාරදීලා අම්මා යනවා ෂොපින් (ස)
විජේසිංහ, ඔබගේ අදහස වැරදියි, ලෝකේ වැඩිපුරම කාලයක් තම දරුවන්ට එකසේම ආදරේ ආසියාතික අම්මලා තමයි, බටහිර මව්වරු දරුවන්ට කුඩා කලදී අප මෙන්ම අසීමිතව ආදරේ කරන නමුත් දරුවන් යොවුන් වියට එලඹෙනකොට සමාජ ක්‍රමය අනුව බැදීම් අඩුවෙනවා. එවිට ආදරයත් අඩුවෙනවා.ඒත් අපෙ රටේ නම් අම්මලාට දරු දුක නැතිවෙන්නෙ මැරුණු දවසක තමයි. කොච්චර වයසට ගියත් දරු දුක එහෙම්මයි (දී)
බටහිර අම්මලාගෙන් අපට වැඩක් නැහැ. අපේ අම්මලා දරුවන්ට දක්වන ආදරය එහෙමම තිබුණාදෙන්. (දී)