විශ්වවිද්‍යාල පිවිසුම සදහා පැවැත්වුණු විභාගයකට සිය දියණිය වෙනුවට පෙනී සිටි මවක අත්අඩංගුවට ගැනීමට ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය සමත්ව තිබේ.
පණස් හැවිරිදි මේ කාන්තාවගේ දියණිය දහනව හැවිරිදිය. වයස සැගැවීමට තරුණියන් අදිනා ඇදුම් පැළදුම් වලින් සැරසී ඇය විභාග ශාලාවට ඇතුල් වී තිබේ. ඇයගේ අවාසනාවට විභාග ශාලාවේ සිටි පරීක්ෂකවරයා ඇයගේ දියණිය අදුනන අයෙකි. මේ සිටින්නේ වංචාකාරිනියක බව වටහා ගෙන ඇති ඔහු පොලිසිය දැනුම්වත් කර තිබේ.
පොලිසිය පැමිණියද විභාගය අවසන් වන තුරුම රැදී සිට ඇත්තේ අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුකරන්නට ගියහොත් අනෙක් සිසුන්ට බාධා වනු ඇතැයි සිතාය. විභාගය අවසන් වූ වහාම තරුණ වෙසින් සිටි කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර ඇත.
ප්‍රශ්න කිරීම් හමුවේදී තමා දියණිය වෙනුවෙන් විභාගයට පෙනී සිටි බව ඇය පිළිගෙන ඇත්තීය.ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමට පොලිසිය සැරසේ. පවුම් හත්දහසක පමණ දඩයක්ද ගෙවීමට ඇයට සිදුවනු ඇත.දියණියටද වසර පහකට බලපැවැත්වෙන විභාග තහනමක් පැනැවෙනු ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අම්මා අලි අමාරුවක
රංග Sunday, 23 June 2013 02:36 PM
බ්‍රසිලයේත් එහෙම වෙනවා (නි)
උපාලි Sunday, 23 June 2013 02:58 PM
මේ ප්‍රවෘත්තියේ වැදගත්ම කොටස තමයි, "අනික් සිසුන්ට බාධා වන නිසා පොලිසිය විභාගය අවසන් වනතුරු ඉවතට වී රැඳී සිටීම". අපේ ඔහොම දෙයක් වුනා නම්? (නි)
මර්සි ලංකා Sunday, 23 June 2013 03:07 PM
මෙය සත්‍ය සිද්ධියකි. මවගේ වයස 52 ක් දුවගේ වයස 19 ක්. (නි)
පද්මිණි Sunday, 23 June 2013 06:02 PM
අම්මල,දුවල හදුනන්න බැහැනේ. දැන් තියෙන ඇදුම් විලාසිත අනුව. අනික පාසල් වලට නියමිත නිල ඇදුම් නැහැ. නිදහස.නිදහස.... (නි)
දයා අළහකෝන් Sunday, 23 June 2013 01:30 PM
බලපුවහම ලෝකේ අනෙක් රටවලුත් ලංකාවේ වැඩේ කරනවා (නි)
ඉෂාන් Sunday, 23 June 2013 02:25 PM
ලංකාවෙන් කොපි කරලා. වැඩේ කැතයි. (නි)