
ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙද්දී, තම සටන්කාමීන්, ඊශ්‍රායල කුඩා දරුවන් කුරිරු ලෙස ඝාතනය නොකළ බවත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කරමින් පහර නොදුන් බවත් ගාසා තීරයේ බලයේ සිටින හමාස් සංවිධානය පවසයි.
හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය.
පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් පහර දුන්නෝ හමාස් සන්නද්ධ අංශ සාමාජිකයෝය.
එසේ ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටත්, ඊශ්‍රායල දරුවන් ගෙල සිඳ ඝාතනය කළ බවටත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කළ බවටත් ඊශ්‍රායල රජය චෝදනා කරයි.
ඊශ්‍රායල මාධ්‍ය හරහාස් සමාජ මාධ්‍ය හරහාත් හමාස් සටන්කාමීන්ගේ අමානුෂික ප්‍රහාර පිළිබඳ පුවත් පළ වී තිබේ.
හමාස් සංවිධානයේ දේශපාලනික අංශයේ ප්‍රකාශක එසාත් අල් රිෂ්ක් පවසා ඇත්තේ, කම සටන්කාමීන් එසේ අමානුෂික ආකාරයට පහර දීම් සිදු නොකළ බවය.
මේ අතර පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළුවුණු හමාස් සටන්කාමීන් අල්ලා ගෙන, බලහත්කාරයෙන් ගාසා තීරයට රැගෙන ගොස් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් මුදා හැරීමට ද හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කර තිබේ.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අමානුෂික පහරදීම් කළේ නෑ - හමාස් කියයි
Pradeep Kumara Thursday, 12 October 2023 01:07 PM
මානුෂික වූ පහරදීම් ලෝකෙ කොහෙද තියෙන්නේ?? පහරදීම්, මරා දැමීම් කොහොමත් අමානුෂිකයි.
ukranThursday, 12 October 2023 02:37 PM
ඒ දවස් වල JVp දැන් NNP කිවුවෙත් ඔකම තමයි. ඒක තමයි කියන්නෙ මුන් ඔක්කොම ඒකයි කියල.