
අප්‍රිකාවෙන් පිට පළමු 'වඳුරු උණ' මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි.
ගෝලීය හදිසි තත්ත්වයක් නිර්මාණය කළ, 'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' (මන්කි-පොක්ස්) අප්‍රිකාවට ආවේණික වයිරසයකි. මෙය පළමුවෙන් මිනිසුන්ට බෝ වීමට පටන්ගෙන ඇත්තේ අප්‍රිකාවේ වඳුරන්ගෙනි.
ගෝලීය හදිසි තත්ත්වයක් නිර්මාණය කළ, 'වඳුරු උණ' වසංගතය ආරම්භ වූයේ මෙම වසර ආරම්භයේය. ඒ, විද්‍යාඥයන් පුදුමයට පත් කරමිනි. රටවල් 75 කට වඩා වයිරසය ව්‍යාප්ත වී ඇති අතර, ආසාදිතයන් ගණන 17,000 කට වැඩිය.
මෙම නව වසංගත තත්ත්වය ඇති වූ දිනයේ පටන් මේ දක්වා අප්‍රිකාවෙන් පිට කිසිදු මරණයක් වාර්තා නොවිණි. අප්‍රිකානු රටවලින් වාර්තා වූ මරණ ගණන 5 ක් පමණි.
ස්පාඤ්ඤය යනු වැඩිම 'වඳුරු උණ' ආසාදිතයන් වාර්තා වන යුරෝපා රාජ්‍යයකි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන 'වඳුරු උණ' ආසාදිතයන් ගණන 4,298 කි. එම ආසාදිතයන්ගෙන් 120 දෙනකු රෝහල්ගතව සිටින බව ද පැවැසෙයි. ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ නිවේදනය කළේ රෝහල්ගතව සිටි එක් අයකු මියගිය බවය.
බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ එරට 41 හැවිරිදි අයකු 'වඳුරු උණ' ආසාදනය වීමෙන් මියගිය බවය. මෙම තැනැත්තා ප්‍රතිශක්තිය හීනවීමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳි අයකු බව ද අනාවරණය වී තිබේ. මොහු මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයි