අප්‍රිකා මහාද්වීපයේ පිහිටි වැදගත් රටක් වන උගන්ඩාවේ පිහිටි එකම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය පවත්වාගෙන ලබන උගන්ඩාවේ බුද්ධරක්කිත හිමියෝ මේ දිනවල ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.
උන්වහන්සේ ඉදිරිපත්කල භාවනා වැඩසටහනක් සහ ධර්මදේශනාවක් පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපා ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පිංකම සඳහා සහභාගීවුහ.
බුද්ධරක්කිත හිමියන් ඇසුරුකිරීමෙන් බුදුදහම පිළිබඳව උනන්දුවක් ඇතිකරගෙන ඉන්නා අප්‍රිකා ජාතිකයින් පිරිසක්ද මේසඳහා සහභාගීවී සිටියහ.
උගන්ඩාවේ එන්ටැබේ නුවර ධනවත් කතෝලික පවුලක උපතලද බුද්ධරක්කිත හිමියන් හට බුදුදහම පිලිබඳ දැනගැනීමට ලැබුනේ අහම්බෙනි. ඉන්දියානු මධ්‍යම රජයෙන් පිරිනමනලද ශිෂ්‍යත්වයක් ලබාගත් උන්වහන්සේ 1990දී චන්දිගාර්හි පන්ජාබ් විශ්වවිද්‍යාලයට ඇතුළුවිය. එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි තායිලන්ත බෞද්ධ භික්ෂුන්වහන්සේලා දෙනමකගේ ඇසුර බුද්ධරක්කිත හිමියන්ට ලැබී ඇත. එම භික්ෂුන්වහන්සේලා දෙනමගේ නිහතමානී ගතිගුණ, ත්‍යාගශීලී සහ සන්සුන් භාවය පිළිබඳව තමන් තුල කුතුහලයක් ඇතිවූ බව පවසන බුද්ධරක්කිත හිමියන් මෙනිසාම තමන් උන්වහන්සේලා සමඟ සමීප ඇසුරක් ඇතිකර ගන්නා ලද බවත් බුදුදහම පිළිබඳව මුලික

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සසුන රැකෙන්නේ නම් දුප්පත් උදවිය ශාසනයට පුජ කරන දරුවන්ගෙන්. අද අපේ ශාසනයටත් තදින්ම පන්ති බේදය ,ධනවත් හිමිවරු සහ ධාන වේලක්වත් ලැබෙන්නේ නැති හිමිවරු. අනේ බුද්දරක්ඛිත හිමියනි...අපේ රටටත් පිවිතුරු ථේරවාදය සරණ ලබාදෙනු මැනවි .මේ අන්ධ, අනුවන, තුන්තිස් පැයේ බණ ඇසුවත් හික්මීමක් නැති අදම ජාතියට පහන් ටැබක් වනු මැනවි,.....(ස)
ඇත්තටම අපි අපේ මිත්‍රයෙක්ව වෛද්‍යවරයෙක් ළගට ගෙනගොස් බේරගත්තා. මම එය මගේ ජිවිතයේ කරන ලද පින්කමක් ලෙස සිතනවා. අද ඔහු හොද පවුල් ජීවිතයක් ගෙවනවා .අපේ මිනිස්සුන්ට එහෙම කෙනෙක් මුණ ගැසුනහම අනිසි ප්‍රයෝජන ගන්න බලන්නේ. (නි)
පහන්, ඇත්ත කියන්න ඔයාට මොකක් හරි කරදරයක් කරන්න ආවද කව්රු හරි ? (ස)
ඒ වුනාට අරාබියට නම් එන්න දෙන්නේ නැතිවෙයි.මොකද ඒ ගොල්ලෝ බයවෙලා මිනිසුන්ට ඇත්ත තේරුනොත්.ඒකනේ බුදු පිළිමයක්වත් තබාගන්න දෙන්නේ නැත්තේ. (නි)
බුද්ධරක්ඛිත හිමියන්ට බුදුදහම ලොව පුරා ගෙනයන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
බුද්ධරක්කිත හිමියන්ට බුදුදහම ලොව පුරා ගෙනයන්නට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා..! (ස)
පහන් ට නිකම් ඌරට වෙඩි වැදිලා වගේ වෙලා (නි)
පාප් තුමා, සමලිංගික සේවනය දැඩිලෙස හෙළා දකින්නේ නැත්තේ ඇයි. එතුමා කරන ප්‍රකාශයක් කොතරම් බලගතුද ? (ස)
රුක්මල්ගේ අදහස නම් නියමයි (නි)
සාදු සාදු !!! (ස)