පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, ආයුධ සහ ඞීසල් බැරල් තොගයක් සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වීමේ වරදට, ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇමෙරිකන් සමාගමකට අයත් නැවේ කපිතාන් සහ කාර්ය මණ්ඩලය පෙරේදා (19) තමිල්නාඩු අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි.
‘එම් ඇස් සීමන් ගාඞ් ඔහියෝ’ නමැති එම නෞකාව, අපි‍්‍රකාවට අයත් සියෙරා ලියොන් රාජ්‍යයේ ලියාපදිංචි නැවක් වුවත් එය ඇමෙරිකානු සමාගමකට අයත් එකකි.
නැව සහ එහි කාර්ය මණ්ඩලයේ 35 දෙනා, ඉකුත් 16 වැනිදා පාන්දර ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට ගැණින. ඒ, එය චෙන්නායි සිට කිලෝ මීටර් 600 ක් දකුණු දෙසින් ටුටිකොරින් වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේදීය.
නැව සෝදිසි කළ අවස්ථායේදී එහි තිබී ස්වංකී‍්‍රය ගිනි අවි 31 ක් සහ ජීව උණ්ඩ පෙට්ටි 5,000 ක් සොයා ගැනීමට හැකි වුණු බව වෙරළාරක්ෂක නිලධාරීහු පැවැසූහ.
|
පොලිස් අත්අඩංගුවේ පසුවන නැවේ කාර්ය මණ්ඩලය අධිකරණයට යොමු කෙරුණු අවස්ථාව |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන්, ඕක කොටින්ට කියන්න. පුල්ලි කොටි තාම ඉන්නවා. (ස)
ඔය වගේ හොරෙන් ඇවිල්ලා තමයි කොටින්ට ආයුධ දුන්නේ. දැන් නැවතත් ළගදී පණගහලා ආ කොටි කට්ටියකට දෙන්නද දන්නේ නැහැ ගෙනාවේ?වහාම ලංකාවේ හමුදාවත් ඔය ගැන සොයා බැලිය යුතුයි. (නි)
මොකද රොෂාන් මල්ලි කොටි කොටි කියනකොට තරහා යන්නේ? අපි සිංහල කොල්ලෝ (නි)
රොෂාන්, ගිණි පෙනෙල්ලෙන් බැට කාපුවාම කණාමැදිරි එළියක් ගැන වුණත් පොඩ්ඩක් හොයන එකේ වරදක් නැහැනේ. අවුරුදු 30 ක් වුණ දේවල් වලින් පාඩම් ඉගෙන ගත්තා නම් ඔය වගේ දෙයක් සැකකරන එකේ කිසිම වරදක් නැහැ. හැබැයි ඔයාලා වගේ අය නම් කවදාවත් පාඩම් ඉගෙනගන්නේ නැහැ (නි)
ලංකාවේ කොටින්ට හිමින්ම දෙන්න ආවද දන්නේ නැහැ.(නදී)
හැම එකටම කොටි කොටි. මේක හරිම විකාරයක් නේ. ඔය වචනේ නවතින්නේ නැත්ද? (ස)
රොෂාන්, කොටි ගෙරවිලි නැවතුනදාට අපි " කොටි කොටි " මන්තරේ ජප කිරීම නවත්වලා දැන්නම්. (ස)
වෙනම රාජ්‍යයක් ඉල්ලාගෙන සටන් කරන ත්‍රස්තවාදීන්ටද දන්නෙ නැහැ ආයුධ ගෙනාවේ? (නි)
උතුරෙන්වත් ඉල්ලුවද දන්නේ නැහැ ආයුධ ටිකක් (නි)