පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, අවි ආයුධ තොගයක් ද සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වූ ඇමෙරිකානු සමාගමකට අයත් නැවක්, අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සේවා ඊයේ (16) උදෑසන නිවේදනය කළේය.
|
ඉන්දීය අත්අඩංගුවට පත්වූ ඇමෙරිකන් නෞකාව. |
ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්, ඊයේ පාන්දර 6 ට පමණ එම නැව අත්අඩංගුවට ගෙන ඇත්තේ එය චෙන්නායි සිට කිලෝ මීටර් 600 ක් දකුණු දෙසින් පිහිටි ටුටිකොරින් වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේදීය.
ඇමෙරිකාවේ ලියාපදිංචි ‘එම් ඇස් සීමන් ගාඞ් ඔහියෝ’ නමැති එම නැව, ඉන්දීය මුහුදු සීමාවට සේන්දු වී ඇත්තේ අවසර ගැනීමකින් තොරව බවත්, නැව අත්අඩංගුවට ගෙන සෝදිසි කළ අවස්ථායේදී එහි තිබී ස්වංකී‍්‍රය ගිනි අවි 31 ක් සහ ජීව උණ්ඩ පෙට්ටි 5,000 ක් සොයා ගැනීමට හැකි වුණු බව වෙරළාරක්ෂක නිලධාරීහු කියාසිටියහ.
නැවේ 35 දෙනකු සිටි අතර ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. නැවේ කපිතාන්වරයා ඉන්දීය වෙරළාරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක් විය.
ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් නැව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කියා සිටියේ, එය අනවසර ආයුධ ප‍්‍රවාහන නැවක් යැයි සැක කරන බවය.
මෙම නැව සියෙරා ලියොන් රාජ්‍යයේ ලියාපදිංචි නැවක් බවත් එය ඇමෙරිකානු සමාගමකට අයත් බවත් පසුව අනාවරණය විය. එම සමාගම සෝමාලි මූදු කොල්ලකරුවන්ට එරෙහිව සාගරයේ ආරක්ෂක කටයුතු සිදු කරන ආරක්ෂක සමාගමක් යැයි ද ඉන්දීය බුද්ධි අංශ වැඩි දුරටත් කියා සිටී.
එම සමාගමේ නිලධාරීන් කිහිප දෙනකු ඊයේ උදෑසන වෙද්දී ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බව ද වාර්තා විය.
ගිනිඅවිවලට අමතරව, නැවේ අනවසරයෙන් රැගෙන යන ඞීසල් බැරල් තොගයක් ද තිබුණු බව බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් එන්.ඞී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. නැවේ තිබී හමුවූ ඞීසල් ප‍්‍රමාණය ලීටර් 1,500 කි. නැවට එම ඞීසල් බැරල් පටවා ඇත්තේ ඉන්දියානුවන් පිරිසක් යැයි මේ වන විට හෙළි වී ඇති අතර ඒ ගැන ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ කිව්වට ඕකේ අයිතිකාරයෝ සුද්දෝම වෙන්න ඕනේ නැහැ. ලංකාවට හතුරුකම් කරන, ලංකාවේ කොටසක් අයිති කරගන්න හදන අයත් ඇමෙරිකාවේ නැව් සමාගම් පවත්වා ගෙන යනවා. ටූටිකොරින් කියන්නේ ඉන්දියාවේ ඉඳලා යාපනයට කිට්ටුම වරායක්. ඔය හරියේ ඉඳන් තමයි වැඩි දෙනෙක් අපේ මුහුදේ මාළු අල්ලන්න එන්නේ. මේක අපිට විරුද්ධ වැඩපිළිවෙලක කොටසක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ගිනි අවි 31ක් විකුනන්න නැවක් එන්නේ නැහැ. මේ කියන දේවල් වලට වැඩි යමක් ඔතන තියෙන්න ඕනේ......! (ස)
එල්.ටී.ටී.ඊ. එක නැතිකරලා ඉන්දියන් සාගරය පිරිසිදු කළාට ඇමෙරිකාව ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ.අපිත් ප්‍රවේශම් විය යුතුයි.එල්.ටී.ටී.ඊ.
චින්තක පෙරේරා තමයි නියම අදහස දාලා තියෙන්නේ. අපේ රටේ සමුළුව කඩකප්පල් කරන්න කාගේ හරි වැඩක් වෙන්නත් පුළුවන්.අවදියෙන් හිටියොත් අපේ නාවික හමුදාවෙන් බේරිලා යනවා කියන්නේ බොරු. (නි)
ඇමෙරිකානු සමාගමක් කිවුව පලියට තීරණ ගන්නේ නැතිව සමාගමේ අයිතිකාරයෝ කවුද කියලත් සොයල බැලුවනම් හොඳයි. (දී)
අපේ රටේ ඉදගෙන මේවට මෝඩ කතා කියල පලක් නොවේ ...ඔවුන් අවේ අපේරටට සම්බන්ද දෙයකට නම් ,,,,නියම තමා.......ඉන්දියාව හොදටම කෙන්තිගිහින් ඉන්නේ ....... (දී)
මේක අධිරජ්‍යවාදී කුමන්ත්‍රණයක්. වහාම අපි උද්ගෝෂණයක් කරමු. කට්ටිය මොකද කියන්නේ? (නි)
සත්‍යපාල කියලා තිබෙන දේ හරි. (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්(නදී)
පේනවා නේද මානව හිමිකම් රකින්නන්ගේ වැඩ? සෝමාලියවට ආපු ගමන් මම හිතන්නෙ නෑදෑයො බලන්න එන්න ඇති. (ස)
මම හිතන විදිහට මේක " ෆ්ලොටින්ග් ආමෙර් " එකක් .. ඒ කියන්නේ වෙළෙඳ නැවක් , මුහුදු කොල්ලකරුවන් සිටින පැත්තට ගමන් කරද්දී ගිනි අවි සපයන නැවක් . මේ වගේ සමාගම් වලින් ආරක්ෂක බටයන් වත් සපයනවා . එම ආරක්ෂක බටයන්ට කියන්නේ සී මාර්ෂල් කියලා . හැබැයි අපේ පුංචි රටේ තිබුන ප්‍රශ්න අවුලන්න ගෙනාපු තුවක්කු වෙන්නත් බැරි නැහැ. (ස)
දැන් බලමු ඉන්දියාවේ වැඩ කොහොමද කියලා, අනේ ඇමරිකාවේ එකක් නම් අගේට නිදහස් කරයි. (ස)
අධික පිපාසෙට මුව පොව්වා මිරිඟුව පස්සෙත් දුවනවාලු.දැවැන්ත ආර්ථික පරිහානියෙන් බැට කන අයට මොන නීතිද?අනික නීතිය ඒ අයගෙනේ. අනේ කාලේ වනේ වාසේ.... (ස)
ආරියසේන, යුද නැවේ තිබිලා තියෙන්නේ ස්වයංක්‍රීය ගිනි අවි 32 ද?ඇයි ඉඩ මදි වෙලාද? (ස)
මේවා අපට ගෙනා සෙල්ලම් බඩුද දන්නෙ නැහැ. පළාත් සභා වලට සෙල්ලමට ගෙනා ඒවා නම් නියමයි. (නි)
ශලිනි මේක වෙළඳ නැවක් . මේ තුවක්කු සහ පතුරන් ගෙනවිත් තියෙන්නේ කිසියම් රටක ජනතාවට කවන්න. ශාලිනිගේ මොලේ පිහිටා තිබෙන්නේ කොහෙද??. (ස)
මේවා ඉස්සර ආපු කොටි නැව් වාගේ අලුත් ක්‍රමයකට . උතුරු පළාත් හමුදාවක් හදන්න ගෙන්නන ආයුධ නැවක් ද දන්නතේ නැහැ . කෙසේ වෙතත් අපි අවදියෙන් සිටිය යුතු කාලයක් රට පවා නොදී . මුදල් වලට ගැති නොවී . ඒ අමිහිරි අතීතය නැවත ගෙනාවා ගන්නට එපෝ (ස)
ඇතමුන්ගේ හඩ එන්නේ කොතන මෙහෙයවිමෙන්ද දන්නවද ? බලන්නකෝ තව කීදෙනෙක් පෙනී හිටිනවද කියල ඉදිරි දිනවල. එයාලට පුරුදු කරලා තියෙන්නේ එහෙමයි. ගෙවන්නේ කෑලි ගණනට.ලංකාවෙ නම් අන්තිම පහතට දාන්න සහ අරගොල්ලන්ගේ රටවල දෙයක්නම් අසුචි උනත් හරිම සුවදයි, ගුණයි, රසයි කියලා මතය පැතිරවිය යුතුයි. (ස)
ශලිනි, එතකොට මේකේ වෙඩි උන්ඩ පෙට්ටි 5000, ස්වයංක්‍රීය අවි 32, ඩිසල් ලීටර් 1500, ගේන්න ඇත්තේ වෙළඳාමට වෙන්න ඇති. (ස)
මේක වෙළෙඳ නැවක්.අනවසර ඇතුලුවීමක් පමණයි වෙලා තියෙන්නේ. (නි)
දෙමළ චිත්‍රපටියකට ආවද දන්නේ නැහැ. (නි)
ඔන්න දෙගොල්ලෝ පටලවන්න වෙලාව... පුලුවන් නම් සහ දක්ෂ නම් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. (නි)
මුහුදු කොල්ලකාරයන්ගෙන් නැව් බේරගන්න වැඩ පිළිවෙළවල් ලෝකයේ හැමතැනම තිබෙනවා.හැබැයි ඒවට අය කරනවා නැව් සමාගමෙන්. මේකත් එහෙම එකක්. තෙල් අවසන් වෙලා තෙල් ගන්න ඉන්දියාව කිට්ටුවට යන්න ඇති. (නි)
ඉන්දියාව කරන්නෙම මේ වගේ වැඩ තමයි. (නි)
ඉන්දියාව බලන්න ක්ලින්ටන් නෝනා ආවා, ඔබාමා ආවා. දැන් ඒ අය ගජ මිතුරෝ නිසා බයවෙන්න දෙයක් නැහැ. දැන් නැව එන්න හේතුවකුත් ඉන්දියාව විසින්ම හොයා ගත්තනේ. ඔන්න අපි ඉන්න හරියට ආවා නම් තමයි අපට බැණුම් අහන්න වෙන්නේ (නි)
ලංකාවේ උතුරු නැගෙනහිරට පැත්තට එන නැවක් ද දන්නේ නැහැ. ඉන්දියාව අත්අඩංගුවට ගත් එක හොඳයි.ලංකාව අත්අඩංගුවට ගත්තා නම් ඇමරිකාවෙන් බලපෑම් කරාවි ලංකාවට ආයුධ නැව නිදහස් කරන්න කියලා. (නි)