IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අන්තර් ජාලය පවුලේ ජාලයක් කරයි

අන්තර්ජාලයේ ඇති සියලූම ආකාරයේ අසභ්‍ය දර්ශනයන් වාරණය කිරීමේ සමත් පද්ධතීන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍යය සැළසුම් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවත් මෙම පද්දතීන් ක්‍රියාත්මක කිරීමේ අයිතිය පැවරෙනු ඇත්තේ අන්තර්ජාල සේවා ලබාගන්නා පාරිභෝගිකයන්ටමය.අවශ්‍ය නම් මෙම වාරණයන් ක්‍රියාත්මක නොකර අන්තර්ජාල සේවා ලබාගැනීමේ හැකියාවත් ඔවුන්ට හිමිවනු ඇත.

මේ කරුණු අනාවරණය වූයේ බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩි කැමරන් බ්‍රිතාන්‍යයේ ප්‍රකට අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක ප්‍රධානීන් සමග පැවැත්වූ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකදීය.

තම නිවසේ අන්තර්ජාල පරිහරණය ගැන අදහස් දැක්වූ අගමැතිවරයා තමන්ගේ නිවසේ නම් අනිවාර්යයෙන්ම මෙම වාරණයන් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානමින් සිටින බව පැවසීය.අන්තර්ජාලයෙන් ලබා ගත හැකි වාසි සේම අවාසිද බොහෝ ඇති බවත් විශේෂයෙන් කුඩා දරුවන් ගැන සැළකීමේදී දෙමව්පියන් තමා සේම අන්තර්ජාලයේ වාරණයන් කි්‍රයාත්මක වනවාට කැමති වනු ඇති බවත් ඔහු කීය.

නමුත් වැඩිහිටියන්ගේද අවශ්‍යතා ගැන සළකා බැලීමේදී සම්පූර්ණ වාරණයන් පැමිණවීම සාධාරණ නොවන හෙයින් මෙසේ පාරිභෝගිකයාට අවශ්‍ය වේ නම් පමණක් වාරණයන් කි්‍රයාත්මක කිරීමේ හැකියාව ලබා දී ඇතැයි ඔහු සදහන් කළේය.ඒ අනුව ඉදිරියේදී අන්තර්ජාලය ‘භාවිතා‘ කිරීමට තම බිරිදගේ අවසරය පැතීමට සැමියන්ට සිදුවනු ඇතැයි අගමැතිවරයා පැවසීය.

අන්තර්ජාලයේ ඇති ළමා ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් කොන්දේසි විරහිතව වාරණය කිරීමට දැනටමත් ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් කටයුතු කරමින් සිටී.



අදහස් (0)

අන්තර් ජාලය පවුලේ ජාලයක් කරයි

මර්වින් Wednesday, 20 November 2013 08:54 PM

මෙය හරි.ලොව වටේ ළමා අපයෝජනය කරන මිනිසුන් මෑතකදී සොයාගනු ලැබුවා. (නි)

:       1       1

බමුණු Wednesday, 20 November 2013 12:08 PM

කලොත් නියමයි. කියල වැඩක් නැහැ. (ස)

:       0       1

නිශාන්ත Thursday, 21 November 2013 02:45 PM

මම නම් ස්තූති කරනවා. (ස)

:       0       1

රමණි Thursday, 21 November 2013 02:59 PM

වැඩේ හරි ශෝක්. (ස)

:       0       1

චමින්ද Wednesday, 20 November 2013 02:06 PM

කමන්ත ඕන නැති දෙයක් නැහැ හැම ඒකටම හොට දානවා(නදී)

:       0       0

කුමාර Tuesday, 19 November 2013 03:53 PM

වැඩේ නම් හොදයි හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ යුරෝපයේ තියෙන වෙළද දැන්වීම් අසභ්‍ය ඒවා . (නදී)

:       0       0

ගයාන් Wednesday, 20 November 2013 07:27 PM

කරයි.... කරයි....ඇටෙන් පොත්තෙන් එළියට අාපු කොල්ලෝ කෙල්ලෝ බ්‍රිතාන්‍යයේ හැසිරෙන ආකාරය දැක්කම,ඕවා නිකන් විහිළු කතා විතරයි.. (නි)

:       0       0

සහන Wednesday, 20 November 2013 07:32 PM

නෙට් නැනි වගේ වෙබ් අඩවි වලින් ඔවැනි අසැබ් වෙබ් පිටු අවහිර කරන්න පුළුවන්. (නි)

:       0       0

බුද්දික Wednesday, 20 November 2013 07:32 PM

ගහක අත්තක් වහලට බර වෙලා නම් ඒ අත්ත පමණක් කප්පාදු කල යුතුයි. එහෙම නැතුව ගහම කපන්න යන්න එපා. (අ)

:       0       0

ලාල Wednesday, 20 November 2013 07:36 PM

බ්‍රිතාන්‍යයේ උපරිම ලිංගික නිදහස ඇත.එහෙම රටක ඕවා කිරිම විහිළුවක්. (නි)

:       0       0

පසිඳු Wednesday, 20 November 2013 07:37 PM

ඩේවිඩ් කැමරන්ට වැඩිකල් තනතුර ඉන්නේ බැරි වෙයි වගේ...(අ)

:       0       0

පසිඳු Wednesday, 20 November 2013 07:37 PM

ඩේවිඩ් කැමරන්ට වැඩිකල් තනතුර ඉන්නේ බැරි වෙයි වගේ...(අ)

:       0       0

තරිඳු Wednesday, 20 November 2013 07:39 PM

ඩේවිඩ් කැමරන් මර්ගරට් තැචර් වගේ වෙන්න යනවා (අ)

:       0       0

සදුන් Wednesday, 20 November 2013 07:40 PM

හිසේ ඇම්මට කොට්ටය මාරු කිරීමක් (නි)

:       0       0

පොල් Wednesday, 20 November 2013 07:44 PM

කැමරන් මුදුණා වෙලා නේ දැන්.....(නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site