IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අද්වානී දිගටම භාරතීය ජනතා පක්ෂයේ

ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය, හින්දු ජාතිකවාදී දැඩිමතධාරී දේශපාලඥ නරේන්ද්‍ර මෝඩිට හිමිවීමත් සමඟ, එහි ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස කටයුතු කළ එල්.කේ. අද්වානී සිය තනතුරුවලින් ඉල්ලා අස් වීමට ඉකුත් 10 වැනිදා තීරණය කළත් පෙරේදා (11) සවස ඔහු එම තීරණය වෙනස් කළේය.
85 හැවිරිදි අද්වානී, භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු කමිටුවෙන්, ජාතික විධායක කමිටුවෙන් සහ මැතිවරණ කමිටුවෙන් ද ඉල්ලා අස් වීමට තීරණය කර සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.
ඔහු එම තීරනය වෙනස් කළේ මෝඩි සහ පක්ෂයේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමඟ කළ සාකච්ඡාවකින් ද පසුවය.
මෝඩිට පක්ෂ නායකත්වය හිමිවුණේ ඉකුත් 9 වැනිදාය. වසර ගණනාවක් ගුජරාඨ ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස, එම ප‍්‍රාන්තය සමෘද්ධිමත් කළ මෝඩි, 2014 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

අද්වානී දිගටම භාරතීය ජනතා පක්ෂයේ

ප්‍රසන්න Friday, 14 June 2013 05:47 AM

දැන් ඉතින් ඉන්දියාවේ ඉන්න මුස්ලිම් වරුන්ට දෙයියන්ගේම පිහිටයි. මොහු මුස්ලිම් විරෝදියෙක්. ඊශ්‍රායලයත් එක්ක සමීපව වැඩකරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site