ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම 9 වන සෙනසුරාද (9) සවස 6 සිට හවුන්ස්ලෝ ලැම්ප්ටන් විද්‍යාල ශාලාවේදී පැවැත්වෙන බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ පැවසුහ.
මෙවර කඨින පිංකම සඳහා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර සිරි සද්ධර්ම නිකායේ අනුනායක බොරැල්ලේ අතුල හිමියන් සහභාගී වීමට නියමිතය.
පිංකම ආරම්භ කෙරෙනුයේ අතුල හිමියන් මෙහෙයවන අටවිසි මහා බුද්ධ පූජවකි.
සැදැහැවතුන් සුදුවතින් සැරසි එදින පන්සලට පැමිණෙන ලෙසටද සංවිධායක මඬුල්ල ඉල්ලා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු,සාදු,සාදු, උතුම් පින් කම් සිදු කරගන්න හොදම අවස්ථාවක්. අහස උසට කරන සිවුරු පූජාවකට වඩා එක කටින සිවුරක් පූජා කිරීම මහත් ඵල මහානිසංස වෙනවා. නමුත් මින් ලැබෙන පින නිවන සදහාම අරමුණු කර ගැනීම අතිඋතුම් වෙනවා. ඕනෑම දහම් ගැටළුවක් යොමුකරන්න.00393341227517. (නදී)