IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අතුරුදන් වුණු රුසියන් විපක්ෂ නායකයා ඉන්නවා

සිර දඬුවම් විඳිමින් සිටියදී අතුරුදන් වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි යහතින් සිටින බවත්, බන්ධනාගාර බලධාරීන් ඔහු ආක්ටික් කලාපයේ රුසියාවට අයත් වෙනත් බන්ධනාගාරයට මාරු කර ඇති බවත් නෙවල්නිගේ නීතීඥවරු පවසති.

බලධාරින්, නෙවල්නි මාරු කර ඇත්තේ මොස්කව් සිට කිලෝ මීටර් 1,200 ක් දුරින් යමාල් නෙනෙට්ස් පළාතේ පිහිටි රුසියන් බන්ධනාගාරයටය. නෙවල්නි යහතින් සිටින බවත්, තමන්ට ඔහු හමුවීමට ඉඩ ලැබුණු බවත් නීතීඥවරුන් වැඩි දුරටත් පවසා තිබේ.

වසර 20 ක සිරදඬුවමක් නියම වී සිටින නෙවල්නි, අතුරුදන් වීමට පෙර, රඳවා තැබුණේ මොස්කව් අගනුවර සිට සැතපුම් 150 ක් දුරින් පිහිටි බන්ධානාගරයකය. පසුගිය දෙසැම්බර් 6 වැනිදා, ඔහු බන්ධනාගාරයෙන් අතුරුදන් විය. නෙවල්නිගේ නීතීඥයන් එම අවස්ථාවේ කියා සිටියේ, නෙවල්නි බන්ධනාගාරයේ නොමැති බවත්, ඔහුට සිදුවූයේ කුමක්දැයි තමන් කිසිවක් නොදන්නා බවත්ය.

බටහිර හිතවාදියකු වන 47 හැවිරිදි, නෙවල්නි විවිධාකාරයේ චෝදනා රැසකට වරදකරු වී සිටී. රුසියන් රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනාවට ද නෙවල්නි වරදකරු විය. ඒ සියල්ලටම හේතුව ඔහු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වීම සහ පුටින්ගේ උදහසට ලක්වීම යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2024 වසරේ රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. දිගටම බලයේ සිටීමේ අපේක්ෂාවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පුටින් පවසා ඇත. ඇලෙක්සි නෙවල්නි අතුරුදන් වූයේ, පුටින්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිලවශයෙන් දැනුම් දුන් දිනයේ සිටය.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (0)

අතුරුදන් වුණු රුසියන් විපක්ෂ නායකයා ඉන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 297 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site