IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අතදරුවකුටත් මිනී මැරුම් නඩුවක්

මිනී මැරුමක් සිදුකිරීමට සැළසුම් කළැයි මාසය නවයක් වයසැති කුඩා දරුවකු පකිස්තාන අධිකරණයක් හමුවට පමුණවනු ලැබ සිටියේය.

මෙම කුඩා දරුවාට නැගී තිබුණු අනෙක් චෝදනා වූයේ පොලිස් රාජකාරි වලට බාධා කිරීම හා පොලිසියට තර්ජනය කිරීමයි.

පකිස්තානයේ ලාහෝර් නුවර පොලිසිය කළ ක්ෂණික මෙහෙයුමකදී මෙම දරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ   පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.  පොලිසිය අධිකරණයේ දී පැවසුවේ ඔවුන් මිනී මැරීමක් සිදුකිරීමට සැළසුම් කර තිබූ බවයි.

තමන්ට නැඟෙන චෝදනා අධිකරණය හමුවේ කියැවෙද්දී හයක් හතරක් නොතේරෙන කුඩා දරුවා තම පියාගේ ඇකයට වී කිරි බෝතලයක් උරමින් සිටියේය.

විනිසුරු වහාම ක්‍රියාත්මක වන පරිදි කුඩා දරුවාට ඇප දුන්නේය.    දරුවාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩි පියවර ගන්නැයි  ඉහළ බළධාරීන්ට දැනුම් දුන්නේය.



අදහස් (0)

අතදරුවකුටත් මිනී මැරුම් නඩුවක්

රණසිංහ Monday, 07 April 2014 08:18 PM

මේවා අහලා දැකලා අපිටත් පිස්සු හැදෙනවා (නි)

:       0       0

ප්‍රසාද් Monday, 07 April 2014 08:54 PM

මේ රටෙත් ඉන්නවා ඔය වගේ පොලිස් නිලධාරීන් (නි)

:       0       0

නජිත් Monday, 07 April 2014 09:47 PM

ඒ දරුවා මොකුත් දන්නේ නැහැ ලොකු උනාම කියා දෙන්න (දී)

:       0       0

රත්නසිරි Monday, 07 April 2014 05:50 AM

මේක අවනඩුවක්.මේක නීතියක්ද? කෝ ඕවට මානව හිමිකම්? පුංචි පූතේ, නුඹට කරදරයක් නම් වෙන්න එපා කියලා පතනවා. (නි)

:       0       0

විරාජ් ලියනගේ Monday, 07 April 2014 09:03 AM

පුංචි පූතේ, නුඹට කරදරයක් නම් වෙන්න එපා කියලා පතනවා. (නදී)

:       0       0

ඉන්දික ගම්පහ Monday, 07 April 2014 09:23 AM

මේක අවනඩුවක්. (නදී)

:       0       0

ඉන්දික ගම්පහ Monday, 07 April 2014 09:24 AM

අර ලංකාවේ පොල් කේස් එකත් ඔයවගේ එකක් නේ.(නදී)

:       0       0

සජී Monday, 07 April 2014 09:25 AM

හරිනේ ඉතින් මේ පාකිස්ථානේනේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 April 2014 10:32 AM

උගත් බුද්ධිමත් එක විනිසුරුවෙක් හරි සිටීම සතුටට කරුණක් නේද? (ස)

:       0       0

ඩෑම් Monday, 07 April 2014 06:19 PM

බලාගෙන ගියාම හැබෑම නේන්නම්. අපේ රට ආශ්චර්යක්... (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 07 April 2014 12:55 AM

පාකිස්ථානයේ ඉන්නේ ඔහොම නුවණක්කාර කට්ටිය තමයි (නි)

:       0       0

රොෂාන් වෙරෝනා Monday, 07 April 2014 12:56 AM

මෙහෙමත් රටක පොලිසියක්?කිරි සප්පෙයෙකුට නේද මෙවන් චෝදනාවක් දාන්නේ? දකිනකොටත් දුකේ බැහැ (නි)

:       0       0

හේරත් Monday, 07 April 2014 11:05 AM

ලංකාව වගේ රටක ඉන්න ලැබුණ එක කොච්චර වාසනාවක්ද කියල හිතෙනවා. (ස)

:       0       0

නුවන් Monday, 07 April 2014 01:25 AM

ඒ වගේ රටක මෙහෙම දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site