IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අත බලා සාස්තර කිමත් ඉවරයි

අත බලා සාස්තර කියන්න්ට දැන් සිය ගනුදෙනු කරුවන්ට කියන්නට සිදුවනු ඇත්තේ සුභ ආරංචිම පමණි. ඒ ඕනෑ හැටියට අත්ලේ ‘රේඛා’’ ඇඳිය හැකි තාක්ෂණයක් ජපන් ජාතික වෛද්‍යවරුයෙකු සොයාගෙන ඇති හෙයිනි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ජපානයේ වැසියෝ බොහෝමයක් හස්ත රේඛා ශාස්ත්‍රය කෙරෙහි තදින්ම විශ්වාස කරති.මෙනිසාම අත්ලෙහි ඇති රේඛා වල දිග,හැඩය,ආරම්භ වන ස්ථානය ආදී මෙකී නොකී කරුණු කෙරෙහි ඔවුන් උනන්දුවන ආකාරය ගැන කිවයුතු නැත.අනාගත සැප සම්පත් ගැන සදහන් වන්නේ යැයි කියන ධන රේඛාව කෙටි නම් එය හස්ත රේඛා සටහන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නේකුට හිතට ‘බරකි’.අනෙක් අතට කාන්තාවකට සිය අත්ලෙහි ආදරය හා විවාහය පෙන්නුම් කරන්නේ යැයි කියන

‘විවාහ රේඛාව’ නොමැති වීම මුලූ ජීවිත කාලය පුරාම ඒ ගැනම සිතමින් සිටීමට හේතුවක් වනු ඇත.මෙවැනි ගැටලූ සියල්ලටම මේ තාක්ෂණය භාවිතයෙන් පිළිතුරු ලබා ගත හැක.

මෙහිදී භාවිතා වනුයේ සම පුළුස්සා රේඛා ඇදිය හැකි විශේෂ උපකරණයකි.අවශ්‍ය හැටියට රේඛා ඇදගත් පසු දවස් පහක් පමණ පිළිස්සුම් තුවාල සුව වන තෙක් සිටිය යුතුවේ.තුවාළ සුව වූ පසු අනාගතය සුඛිත මුදිත වන්නේ යැයි පැවසෙන රේඛා සහිත අත්ලක් ලැබේ.

 

‘අත්ල මත රේඛා ඇදීමේ’ තාක්ෂණය සොයාගත් බැව් පැවසෙන ජපාන ජාතික වෛද්‍ය මට්සුවෝකා මේ සදහා තමන් මෙහෙය වනු ලැබූයේ තමන් වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි කාන්තාවක බව කියයි. ඇයට සිය අත්ලේ රේඛා ඇද ගැනීමට අවශ්‍ය වූ ව බවත් එනිසා තමන් විවිධ පොතපත හා තොරතුරු ආශ්‍රයෙන් මෙම ක්‍රමය සොයාගත් බවත් ඔහු සදහන් කරයි.ජපානයේ පමණක් නොව කොරියාවේද වැසියන්ද මෙම ක්‍රමය භාවිතා කරමින් සිතැගි පරිදි අත්ලේ රේඛා ඇද ගන්නා බව ඔහු සදහන් කරයි.

මෙම ක්‍රමයෙන් හස්ත රේඛා ඇද ගැනීම පමණක් නොව තිඛෙන රේඛා දිගු කිරීම,නැවීම,කපා හැරීම ආදී දේද කළ හැක. මෙසේ කිරීමෙන් ප්‍රතිඵලයක් ඇත්දැයි ගැටලූවක් වුවත් වෛද්‍ය මට්සුවෝකා ප්‍රකාශ කරන්නේ

ඇදැහිය නොහැකි වුවත් තමන්ගෙන් අත්ලේ ඉරි වෙනස් කරගත් පුද්ගලයින් කිහිප දෙනෙකුටම වාසනාව පෑදුණු බවයි.

හස්ත ශාස්ත්‍රය පිළිඹද විශාරදයින් නම් කියන්නේ අත්ලේ රේඛා ඇදගන්නවාට වඩා සිය අරමුණු වෙනුවෙන් වැඩ කිරීම යහපත් බවයි.එවිට ඉබේම අත්ලේ ස්වාභාවිකවම පිහිටන රේඛා කැපී කෙටී සාර්ථකත්වය පෙන්නුම් කරන

අත්ලක් ලැඛෙනු ඇතැයි ඔවුන් කියයි.සැබැවින්ම සිය සාර්ථකත්වය සදහා වෙහෙසවන්න්නගේ හස්ත රේඛා ඔවුන්ගේ කි්‍රයාකලාපයන් අනුව වෙනස් වන බව මේ විශාරදයින් සදහන් කරයි.



අදහස් (0)

අත බලා සාස්තර කිමත් ඉවරයි

ෂෙරිෆ් Wednesday, 17 July 2013 06:21 AM

අපේ රටේ දේශපාලන නායකයන්ගේ අත් කොතරම් වාසනාවන්තද? විදේශ රටවලට අත දික්කරන පමාව විතරයි. (නි)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 07:35 AM

පේමන්ට් එකේ ඉඳන් ගැහැණුන්ට සාත්තර කියලා කීයක් හරි හොයාගන්න අපේ ජොබ් එකට ගහන්නයි ජපන්නු හදන්නේ. (නි)

:       0       0

අමිල නොච්චියාගම Wednesday, 17 July 2013 08:44 AM

මිනිස්සුන්ගෙත් හණ ගහන්න පටන්ගත්තා එහෙනම්.?? (නි)

:       0       0

සේනානායක Wednesday, 17 July 2013 01:00 AM

අල්ලේ රේකා විහිදී ශාකා අනාගතේ නිදානයක් බිහි වෙනවාලු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site