IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අඟහරු මතට මිනිසකු යැවීම 2018 දී

අඟහරු මතට මිනිසකු යැවීමට කරන ලද සැළසුම් සාර්ථක වූ බව නාසා ආයතනය පවසයි. මිනිසකු අඟහරු මතට යැවීමට ඔරියන් නමැති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහිදී සිදුකරන්නේ ඔරියන් නමින් හඳුන්වා ඇති කුටීරයක මිනිසකු රඳවා එය අඟහරුමත ගොඩබැස්සවීමයි.

ඔරියන් කුටීරයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අත්හදා බැලීමක් පසුගිය දා සිදුකැරිණි. එහි දී සී-17 ගුවන් යානයකින් එම කුටීරය මිනිසකු අඩි 35,000 ක් ඉහළ අහසට ගෙන ගොස් ඇරිසෝනා කාන්තාරය මතට පැරෂුට් ආධාරයෙන් මුදා හරින ලදී. එය පොළොවට පතිත වූයේ ඇමෙරිකා යුද හමදාවට අයත් යූමා නම් තැනිතලාවයට. ඊ.එෆ්.ටී.1 ලෙස නම් කැර තිබූ මේ අත්හදා බැලීම සාර්ථකව අවසන් විය. නාසා ආයතනය පවසන්නේ මේ අත්හදා බැලීම සඳහා මිනිසකු යොදා නොගත්තේ එය පුපුරායාමට ඉඩ තිබීම හේතුවෙන් බවයි.

ඔරියන් ව්‍යාපෘතියේ වැඩසටහන් කළමණාකරු මාර්ක් ගේයර් මෙසේ පැවසුවේය, '‘අපි පැරෂුට් මගින් මෙය අඩි 35,000ක් උඩ සිට බිමට ඇද වැටීමට සැලැස්වූයේ මෙහි යම් කාර්මික දෝශයක් තිබී පිපිරීමකට ලක් වේ දැයි බැලීමටයි. සාමාන්‍යෙයන් අපි මෙවැනි අත්හදා බැලීම් කිරිමෙන් දෝෂ නිවැරදි කරගන්නවා. ඒ අතින් මේ පීම්ම අතිශයින්ම සාර්ථකයි.‘'

මේ කුටීරය සම්බන්ධ තවත් අත්හදා බැලිමක් දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිතය. නාසා ආයතනය පවසන්නේ ඔරියන් ව්‍යාපෘතියේ මෙතෙක් ලැබූ ප්‍රගතිය අනුව 2018 දී මිනිසකු අඟහරු වෙත යැවීමට හැකිවනු ඇති බවයි.

 



අදහස් (0)

අඟහරු මතට මිනිසකු යැවීම 2018 දී

චානක Friday, 27 June 2014 05:29 PM

කවුද ඉස්සෙල්ලාම යන්නේ (දී)

:       0       0

වසන්ත Friday, 27 June 2014 05:42 PM

අඟහරු මතට මිනිහෙක් පතිත කලා කියමු.එත් ආපහු එන්නේ කොහොමද? (දී)

:       0       0

මිගිද Saturday, 28 June 2014 02:37 PM

බන්දුල පෙරේරා මහත්තයාට නුවන පහල වෙලා. බොහොම සතුටයි (දී)

:       0       0

මහී Friday, 27 June 2014 09:01 PM

මානව සංහතිය වෙනුවෙන් දරන කැපවීමට නසා ආයතනයට ස්තුතියි (දී)

:       0       0

ජයත් Saturday, 28 June 2014 04:02 PM

ඔව් මේකත් අර 69 දී හඳට ඇරිය වගේම තියේවි නමුත් දැන් මිනිස්සුන්ට බොරු කරන්න ටිකක් අමාරුය බලමු (දී)

:       0       0

සනා Friday, 27 June 2014 11:49 PM

යවන්න කෙනෙක් නැතිනම් මට කෝල් කරන්න කියන්න. මමත් මේ යන්න තැනක් නැතුව වේලෙනවා අනේ. එහෙ සීතලද දන්නේ නැහැ (දී)

:       0       0

ජොනතන් Saturday, 28 June 2014 04:35 PM

ඕක මහලොකු දෙයක් නෙවි ලංකාවේ ඇමති මණ්ඩලේට කිව්වනං. සුටුස් ගාල පෘතුවියයි අඟහරුයි මාරු කරලා දෙයි. නැත්තන් ඕන කෙනෙක්ව පැයෙන් දෙකෙන් අඟහරුට යවල දෙයි. (දී)

:       0       0

සීල Saturday, 28 June 2014 01:45 AM

එක වරක් හදට ගියාලු. ඒ උනාට හදේ හුළගට කොඩි පවා ලේලදුනා .මේපාර අගහරු ලෝකෙට යන ගමන ඇරිසෝන කාන්තාරේ කොහෙද දන්නේ නැහැ ෆිල්ම් කරන්නේ.? (දී)

:       0       0

අසිත Sunday, 29 June 2014 05:18 PM

ලංකාවේ විද්‍යා අධ්‍යාපනය දියුණු කරන්න ඕන. සමහරු ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. නූගත්කම නිසා හඳට ගිය එක නොපිළිගෙන ඒ ගැන උජාරුවෙන් කතාත් කරනවා. (දී)

:       0       0

පෙරේරා Sunday, 29 June 2014 05:41 PM

කොයි තරම් වියදමක් දරන්න වෙනවද (දී)

:       0       0

නිමල් Friday, 27 June 2014 03:17 PM

මෙහෙම අගහරු මතට ගියාට ආයෙත් එන්න විදිහක් තාම හොයාගන්න බැරිවුනානේ.(නදී)

:       0       0

නුවන් Sunday, 29 June 2014 01:35 AM

අන්තිමට ජෝන් තමයි හරිම උත්තරේ දුන්නේ (දී)

:       0       0

වසීම් Saturday, 28 June 2014 11:20 AM

ප්‍රථමයෙන් හදට මිනිහෙක් යවන්න, ඇමෙරිකාව කරන බොරු පිළිගන්න අපි මෝඩයෝ නෙවේ (දී)

:       0       0

බන්දුල.පෙරේරා Friday, 27 June 2014 03:41 PM

ලොව පුරා හරියට ආහාරයක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද. මේවට සල්ලි වියදම් කරන්න කලින් ඒ මිනිස්සු ගෙන හිතනවානම් කොච්චර හොදද ?(දී)

:       0       0

ගයන් Friday, 27 June 2014 03:44 PM

මම නම් කියන්නේ අඟහරු මතට මිනිසකු යැවීම 2025 වනතුරුත් කල් යයි කියලා. අගහරු ග්‍රහලොවට මිනිසෙකු යවන්න හොදම කාලය වන්නේ අගහරු හා පෘතුවිය අතර අඩුම පරතරය ඇති කාල පරාසයයි, මේ කාලය උදා වෙන්නේ අවුරුදු දෙකකට වරක්. එහෙම වෙලත් සාමානයෙන් මාස 6 ක් වත් ගතවෙනවා අගහරු වෙතට යන්න. ඒ කියන්නේ මේ යන මිනිසා / මිනිස්සුන්ට බොහෝ දුරට නැවත පෘතුවියට එන්න හැකියාව ලැබෙන්නේ නැහැ. (දී)

:       0       0

හර්ෂ Friday, 27 June 2014 03:49 PM

මිනිස්සුන්ට මාස 6 ක ගමනක් මානසිකවත්, ශාරීරිකවත් ගැලපෙන්නේ නැහැ. ශාරීරක දුබලතා කෘතීම ගුරුත්වකශ්නයක්, බ්‍රමණය තුලින් ලබාගත්තත්, මානසික ව මෙවැනි ගමනක් ඉතාම අමාරු දෙයක්....(දී)

:       0       0

රාජා Friday, 27 June 2014 03:53 PM

සියලු ජාතින් එකමුතු වෙලා මෙවැනි දෙයක් කලයුතුයි. (දී)

:       0       0

තරිඳු Friday, 27 June 2014 03:54 PM

ඉතාම කටුක අත්දැකීමක් වෙයි.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site