IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අගහරු ග්‍රහයාගේ වතුර තිබුණා

අගහරු මත සත්‍ය ලෙසටම ජලය පැවැති බව තහවුරු කෙරෙනා සාක්කි සොයාගැනීමට හැකිවූ බව ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පවසයි.

පර්යේෂණ කටයතු සදහා අගහරු ග‍්‍රහයා මතට යවා ඇති රොබෝ රෝවර් යානයෙන් ලැබුණු අලූත්ම තොරතුරු ආශ‍්‍රයෙන් මේ සාක්ෂි සොයාගැනීමට හැකිව ඇතැයි සදහන්ය.

අගහරු මත ජලය පැවැතීයයි මීට බොහෝ කලෙකට පෙර සිටම සදහන් කෙරුණද ඒ බව තහවුරු කෙරෙනා සාක්කි ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් සමත් වූයේ නැත.මෙතෙක් සිදුකෙරුණු පර්යේෂණ වලින් හෙළිව තිබූයේ ජලය කෙසේ වෙතත් සල්ෆියුරික් වැනි ප‍්‍රබල අම්ල වලට සමාන අධි ආම්ලික ද්‍රාවණයන් නම් අගහරු මත තිබී ඇති බවයි.

නමුත් අලූතින්ම සොයා ගෙන ඇති පරිදි අගහරු මත ජලයද පැවැත ඇතැයි තහවුරු වී ඇත.ඒ මැටි හා ඛනිජ අඩංගු පස් සාම්පලක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.විද්‍යාඥයන් පවසන පරිදි අධි ආම්ලික ද්‍රාවණ පමණක් අගහරු මත පැවැතියේ නම් මෙසේ ඛනිජ අඩංගු පස් අගහරු මතින් සොයාගැනීමට නොහැක.ඒ ආම්ලික ද්‍රාවණ හමුවේ බොහෝ ඛනිජයන් දියවී යන බැවිනි.

එනිසා මෙසේ පස් සාම්පලක් හමුවීම යනු අගහරු මත සැබැවින්ම ජලය පැවැත ඇති බව තහවුරු කෙරෙන්නක් යැයි විද්‍යාඥයින් කියයි.විශේෂයෙන් පස් සාම්පලයේ මැටි තිබීම අගහරු මත ජලය පැවැති බවට ප‍්‍රබල සාක්ෂියක් යැයි ඔවුන් පවසයි.



අදහස් (0)

අගහරු ග්‍රහයාගේ වතුර තිබුණා

පහන් Wednesday, 12 June 2013 11:54 PM

කුඩු, ගංජා, අරක්කු එහෙ තියෙනවා කිව්වා නම් ලංකාවෙ කට්ටිය මෙලහකටත් එහෙ ඇති (නි)

:       0       0

පහන් Wednesday, 12 June 2013 11:56 PM

නීල් අම්ස්ට්‍රොනේ හදට ගියවෙලේ ටක ටක ගල සද්දයක් අහුනලු. බැලින්නම් ඉන්දියන් එකෙක් තේ කඩයක් දාලලු.(නදී)

:       0       0

හිරුෂ රවිෂාන් Friday, 14 June 2013 01:17 PM

සඳ මිදුලට එනවා කියලා කියනවා නේද? නීල් ආම්ස්ට්‍රෝන් හොරකට් එකෙන් හඳට ගියේ ඇයි? (ත)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 07:25 PM

අඟහරු ලෝකේ වතුර හොයාගත්තට වැඩක් නැහැ ඒ වතුර පෘතුවියට පොම්ප කරන්න ක්‍රමයක් හොයාගන්නනේ ඕනෑ. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 12 June 2013 07:52 PM

මේව ආරන්චිවෙලා අපේ අහවල් කට්ටිය අඟහරුවල ඈලවල් ප්‍රති සංස්කරනය කරන්න කොන්තරත් තියනවද කියල හොයල බලයිද දන්නෙ නෑ.(නදී)

:       0       0

නීල් රංග Wednesday, 12 June 2013 08:02 PM

අඟහරු ලෝකේ තිබෙන සියලුදේට වඩා මැටි වැදගත් කොට සැලකීම ලංකාවට නරක පුර්වාදර්ශයක් වෙයිද දන්නේ නැහැ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site