IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අගමැති ජොන්සන්ට එරෙහි පොලිස් විමර්ශනයක්

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් රජය සහ සෞඛ්‍ය අංශ පැනැවූ නිරෝධායන නීතී උල්ලංඝනය කරමින්, අග්‍රාමාත්‍ය නිල නිවසේ මධුවිත සාද පැවැත්වීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ලන්ඩන් මෙට්‍රෝපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය ජොන්සන් අවස්ථා කීපයකදී ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසේ මෙසේ සාද පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇත.

එසේ සාද පැවැත්වූ එක් අවස්ථාවක, මහා බ්‍රිතාන්‍යය මුළුමනින්ම ලොක්ඩවුන් කර තිබුණු බව පැවැසෙයි. පිලිප් කුමරුගේ අවමංගල්‍යයට පැවැති දිනයේ සවස ද අග්‍රාමාත්‍යවරයා සිය නිල නිවසේ මධුවිත සාදයක් පවත්වා ඇතැයි බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට චෝදනා කර තිබේ.

අග්‍රාමාත්‍ය ජොන්සන් මෙසේ සාද පවත්වා ඇත්තේ සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් බවත් පැවැසෙයි. එක් අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා සිය උපන් දිනය වෙනුවෙන් ද විශේෂ සාදයක් පවත්වා ඇතැයි තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය නීති උල්ලංඝනය කළේ යැයි විපක්ෂයෙන් අග්‍රාමාත්‍ය ජොන්සන්ට පළමුවෙන් චෝදනා එල්ල වෙද්දී ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

අග්‍රාමාත්‍ය ජොන්සන් අගමැති නිල නිවසේ සාද පැවැත්වීම ඔහුගේ ‘කොන්සවටිව්’ පක්ෂය පවා දැන සිටියේ නැත. සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්ට එරෙහිව ජනතා අප්‍රසාදයක් ද ගොඩනැගෙන්න විය.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ජොන්සන් තමන් වරදක් කළ බව පිළිගත්තේය. ඒ අනුව, ඔහු විපක්ෂයෙන්, ඔහුගේ පක්ෂ සාමාජිකයන්ගෙන් සහ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය. එසේ වුවත් විපක්ෂය වන කම්කරු පක්ෂය දිගින් දිගටම අග්‍රාමාත්‍ය ජොන්සන්ට පවසා ඇත්තේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් වහා ඉවත් වන ලෙසටය.

(රොයිටර්)



අදහස් (0)

අගමැති ජොන්සන්ට එරෙහි පොලිස් විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 187 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 111 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 102 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 295 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site