ඉතාලි සන්ධාන රජයෙන් එරට හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කෝනීගේ පක්ෂයේ ඇමැතිවරුන් පස් දෙනකු ඉල්ලා අස්වීමත් සමඟ හටගත් අර්බුදයේදී, අගමැති කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීමේ ඡුන්ද විමසුමක් හෙට (2) පැවැත්වීමට නියමිතය.
බදු වංචා චෝදනා එල්ල වී, සිටින හිටපු අගමැති බර්ලූස්කෝනිගේ ඉල්ලීම පරිදි, සන්ධාන රජයෙන් ඔහුගේ පක්ෂයේ ඇමැතිවරුන් ඉල්ලා අස්වූයේ ඉකුත් සති අන්තයේදීය.
එම අවස්ථාවේදී හටගත් අර්බුදය පාර්ලිමේන්තුව හමුවට ගෙන යමින් ඊට විසඳුමක් සෙවීමට අගමැති එන්රිකෝ ලෙටා බලාපොරොත්තු වෙයි. විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසුම හෙට දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවය.
අගමැති එන්රිකෝ ලෙටාට අවශ්‍ය ප‍්‍රමාණයට ඡන්ද හිමිවුවහොත් හටගෙන ඇති දේශපාලන අර්බුදයට තාවකාලික විසඳුමක් ලැබෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ අතර, ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපොලිටානෝ පවසා ඇත්තේ තමා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරන්නේ අවසන් විකල්පය ලෙස බවය.
ඉතාලියේ අවසන් වරට මැතිවරණයක් පැවැත්වුණේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකදීය. එම මැතිවරණයෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි. ඒ අනුව, අගමැති ලෙටා, බර්ලූස්කෝනීගේ පක්ෂය සමඟ එක් වී සන්ධානයක් පිහිටුවීය.
සන්ධාන රජය පිහිටුවා මාස දෙකක් ගතවෙද්දී, බර්ලූස්කෝනිගේ ජනතා නිදහස් පක්ෂ සාමාජිකයෝ අගමැති ලෙටාගේ මධ්‍ය වාමාංශික ඩිමොක‍්‍රටික් පක්ෂය සමඟ මතභේද ඇති කර ගත්හ. ඊට ප‍්‍රධානතම හේතුව වූයේ අගමැති ලෙටා වෙළඳ බදු වැඩි කිරීමට ගත් තීරණයයි.
ඉතාලිය යළිත් මැතිවරණයකට ගොස්, එයින් ද කිසිදු අපේක්ෂකයකුට හෝ පක්ෂයකට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වුවහොත් ඉතාලි අර්බුදය තව තවත් දිග්ගැස්සීමේ අවදානමක් ඇති බව දදේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
|
හිටපු අගමැති බර්ලූස්කෝනි |
|
ඉතාලි අගමැති ලෙටා (වමේ) සහ ජනාධිපති නැපොලිටානෝ |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය ඉන්නවා. අර පැත්තෙන් මේ පැත්තට ..අගර දඟර සරුංගෝල ... (නි)
තවමත් ප්‍රශ්න ඇති කරනවානේ? (නි)
බර්ලූස්කෝනීට කොන්දක් තියෙන මිනිහෙක්, එයාට පුළුවන් ඉතාලිය ආර්ථික ප්‍රශ්න වලින් මුදාගෙන ඉදිරියට යන්න. (ස)