
එව්.අයි.වී. වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු ඇතැයි එම එන්නත නිපදවූ 'ඩියුක් වැක්සීන්' ආයතනය පවසයි.
ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරන්නේ එච්.අයි.වී. වයිරසයයි. වයිරසය ආසාදනය වූ පසු සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීමය. 'ඩියුක් වැක්සීන්' ආයතනයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇත්තේ සිරුරට ඇතුළු වුණු එව්.අයි.වී. වයිරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි එන්නතකි. එය සිදුවන්නේ එන්නතින් පසු සිරුරේ අලුතින් නිපදවන ප්‍රතිදේහවලිනි.
ඒඩ්ස් ආදිාතයන් යොදා ගනිමින් නව එන්නත සායනික අත්හදා බැලීම්වලට යොදාගත් බවත් සාර්ථක ප්‍රතිඵල දකින්න ලැබුණු බවත් 'ඩියුක් වැක්සීන්' ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එන්.ඩී.ටීවී. සයන්ස් නිවුස්

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.