IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


BRI නිසා මැලේරියාවට බය නැති රාවල්පින්ඩි වැසියන්

 

"තීරයක් සහ මාවතක්" (BRI ) ව්‍යාපෘතියේ 10 වැනි සංවත්සරය වෙනුවෙන්  වාර්තා වැඩසටහන් මාලාවක් නිර්මාණය වී තිබේ. එය  Rising with Pride  යනු වෙන් නම් කර තිබේ.   එක්තීරයක් එක් මාවතක් සංකල්පය මිනිසුන්,  මිනිස්සුන් අතර  සම්බන්ධතාවය වර්ධනය කිරීමට ඉවහල් වී ඇති ආකාරයත් එය පුද්ගල ජීවිතයේ අභිවෘද්ධියට ඉවහල් වී ඇති ආකාරය පිළිබඳව ද එම වැඩසටහන් මගින් පෙන්වා දී තිබේ.   

මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පකිස්ථානයේ රාවල්පින්ඩි හි කහුටා දිස්ත්‍රික්කය මූලික වී නිර්මාණය වී ඇති අතර  එය‘‘ෂෙයික් නොමන් මුනීර්" නැමැති  සාප්පු හිමිකරුවෙකු වටා ගොඩනැගෙන සත්‍ය කතාවකි. ඔහු මැලේරියා රෝගයට මුහුණ දුන් ආකාරය මීට පාදක වී තිබේ. 

නිතර මැලේරියා රෝගයට ගොදුරු වන මෙම ප්‍රදේශයේ වැසියන් බොහෝ කාලයක් පටන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ දී දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔවුන්ට කිලෝමීටර ගණන් දුර ගෙවමින් යන්නට සිදුව තිබේ. මේ හේතුවෙන් නිසි ප්‍රතිකාර නොලැබීමෙන් බොහෝ අයට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය.

චීන-පකිස්තාන කරොට් ජල විදුලි ව්‍යාපෘතිය, චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවේ පළමු ජල විදුලි ආයෝජන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක විය. එහි ආරම්භයත් සමග , මැලේරියාව තවදුරටත් ප්‍රදේශවාසීන්ට තර්ජනයක් නොවන තැනට වැඩකටයුතු සිදුවිය. ඒ එම ව්‍යාපෘතිය හරහා  නව රෝහල් ඉදිකිරීමට මෙම ව්‍යාපෘතිය දායක වී තිබෙන බැවිනි.  මෙම රෝහල ආරම්භ වූ පසුව ද ෂෙයික් මැලේරියා රෝගයට ගොදුරු වුවද, ඔහුට වෙනදා ප්‍රතිකාර ගැනීමට දිගු දුරක් යෑමට සිදු නොවූ බව  මෙම වැඩසටහනින් කියැවෙයි.

BRI සම්බන්ධයෙන් විවිධ මත තිබුණද එය තවත් ආකාරයකින් මිනිස් ජීවිත සාර්ථක කර ගැනීමට දායක වන බව පාකිස්ථානයෙන් ඇසෙන මෙම කතාවෙන් කියැවෙයි.

(CGNT ඇසුරිනි.)

https://news.cgtn.com/news/2023-10-10/Rising-with-Pride-Medical-advancement-illuminates-Kahuta-1nMF2FVWftu/index.html

 



අදහස් (0)

BRI නිසා මැලේරියාවට බය නැති රාවල්පින්ඩි වැසියන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site