IMG-LOGO

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

සමිත් බෝධිපක්ෂ (චීනයේ ෂැංහයි නුවර සිට)

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය.  චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි. 

පෙර ප්‍රදර්ශනවලදී මෙන්ම මෙවරද එහි ව්‍යවසාය ව්‍යාපාර ප්‍රදර්ශන, Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය, වෘත්තීය සහාය ක්‍රියාකාරකම් සහ සංස්කෘතික හුවමාරු ආදී ක්‍රියාකාරකම් ඇතුළත් වෙයි.

රටවල් 30කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් සහභාගි වන මෙම ප්‍රදර්ශනය  වර්ග මීටර් 330,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැවැත්වෙයි. 

2018 වසරේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව  ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද කිහිප වතාවක් සහභාගි වී තිබෙන අතර, මෙවරද ශ්‍රී ලංකාවෙන් ප්‍රදර්ශන කුටි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද ප්‍රධාන ප්‍රදර්ශන කුටිය ප්‍රදර්ශන භූමියේ පිහිටි ජාත්‍යන්තර කලාපයේදී අද සවස විවෘත කෙරිණි. චීනයේ ෂැංහයි නුවර කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. මීට අමතරව මෙරට ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කරන කුටි කිහිපයක්ම මෙවර ප්‍රදර්ශනයට එකතු කර තිබේ. 

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට මැලේසියාව, උස්බෙකිස්තානය, ස්ලෝවැකියාව, මොංගෝලියාව, සර්බියාව සහ කසකස්තානය යන රටවල අග්‍රාමාත්‍යවරුන්, අනෙකුත් රටවල නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙවර ප්‍රදර්ශනය එළඹෙන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 108 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 560 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 990 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site