IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


2012 ප‍්‍රංශ ජනාධිපතිවරණයට එන්නේ නැහැ

තමාට මුහුණ පෑමට සිදුවූ අමිහිරි අත්දැකීම් ගැන තවමත් දුක්වන බවත් එම නිසා 2012 සමාජවාදී පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමට තිබූ බලාපොරොත්තුව අත්හැර දැමී යැයි, ලිංගික අපචාර චෝදනාවන් නිසා කරදර රැුසකට මුහුණ දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප‍්‍රධානි ඩොමිනික් (62)  ට‍්‍රවුස්-ඛාන් කියා සිටියේය. ට‍්‍රවුස්-ඛාන් එසේ කියා සිටියේ ටී.එෆ්.අයි. රූපවාහිනි සේවයේ ”ප‍්‍රයිම් ටයිම්” වැඩසටහන සමග පෙරේදා (18) පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. නිව්යෝර්ක්හි හෝටලයක සේවිකාවකට ලිංගික අතවරයක් කළේ යැයි චෝදනා ලැබ සිටි ට‍්‍රවුස්-ඛාන් මහතා කලක් නිවාස අඩස්සියේ රඳවා සිටි අතර පසුව, පසුගිය සැප්තැම්බර් 4 දා නිදහස ලැබීය. එම හෝටල් සේවිකාවගේ සාක්‍ෂිවල පරස්පර විරෝධී තත්ත්වයක් පෙනේනනට තිබූ නිසා, නඩු පැවරුම් නිලධාරීහු, ඛාන් මහතා නිදොස් කොට නිදහස් කළහ. ට‍්‍රවුස්-ඛාන් මහතා 2012 වසරේ සමාජවාදී පක්‍ෂයෙන් ප‍්‍රංශයේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ”මා අතින් සිදුවූයේ සදාචාරාත්මක වැරැද්දක්” මා ඒ ගැන ප‍්‍රංශ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. මට පසුතැවිලිවීමට ඇති කාලය තවත් ඉදිරියට තියේවි. මේ සිද්ධිය නිසා මට සියල්ල අහිමි වුණා. මැතිවරණ ව්‍යාපාරයත් කඩාකප්පල් වුණා.” යැයි ඛාන් මහතා සිය සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියේය. ඛාන් මහතා පිළිබඳව පැවැති මත විචාරයකදී හෙළිවූයේ ඔහු දේශපාලනයට පිවිසීම ගැන 53% ක්ම අකමැති බවයි.



අදහස් (0)

2012 ප‍්‍රංශ ජනාධිපතිවරණයට එන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site