චීන යුද ගුවන්යානා දෙකක් තායිවානයේ ගුවන් සීමාවට ඇතුල්වී ඇතැයි තායාවාන් බලධාරීන් කියයි. චින් වයි-8 වර්ගයේ සමුද්‍ර මුර සංචාරක යානා දෙකක් මෙලෙස අවස්ථා දෙකක දී තායිවාන් ගුවන් සීමාවට ඇතුළු වූ බව තායිවානයේ ගුවන් හමුදා ප්‍රකාශකයකු පවසා ඇත. තායිවානයේ ගුවන් හමුදාව ද මේ යානා පසුපස ලුහුබැඳ ගිය බවත් එසේ කළේ යානා තම ගුවන් සීමාවෙන් ඉවත්ව යන්නේ ද යන්න සැකහැර දැනගැනීමට බවත් තායිලන්ත ගුවන් හමුදාව කියයි.
මේ සිදුවීමට පෙර චීන යුද ගුවන් යානයක් ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද ගුවන් යානයක් ආසන්නයට ගමන් කිරිමේ සිද්ධියක් ද වාර්තා විය.
චීන ආරක්ෂක අමාත්‍යාංශය විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ තම යානා නියමිත ගුවන් සීමාවේ සාමාන්‍ය පරිදි ගමන් කළ බවයි. කිසිදු අසාමාන්‍ය දෙයක් සිදුනොවූ බව ද ඔවුන් පවසයි.
1949 සිදුවූ සිවිල් යුද්ධයකින් පසු තායිවානය චීනයෙන් වෙන් වී වෙනම රටක් බවට පත්විය. රටවල් දෙක අතර ආර්ථික බැඳීම් තිබුණ ද දේශපාලනික වශයෙන් ඇත්තේ බොහෝ දුරස්ථ බවකි.

COMMENTS
චීනා ලෝක බලවතා වෙන කාලය වැඩි ඇතක නෙමෙයි. (අ)
තායිවානය ඉස්සර හැඳින්වුයේ "පොර්මෝසා"ව යනුවෙනි. අගනගරය "තායිපේ" . මෙය දැන් (ආර්. ඔ . සී ) චීන ජනරජය නමින් හැදින්වේ. 1949 දී මෙය වෙනම රාජ්ජයක් වශයෙන් වෙන්විය. (අ)
තායිවානය හා තායිලන්තය කියන්නේ රටවල් දෙකක්. (අ)
තායිවානය කියන්නේ අතීතයේ චිනයේම කොටසක් , බටහිර රටවල සහ ඇමරිකාව එකතුවී එය කඩා වෙන්කළා උතුරු කොරියාව දකුණු කොරියාව වගේම , (අ)
ලෝකයේ ඕනෑම තැනක තායි කියල සාමන්යෙන් හදුන්වන්නේ තායිලන්තය මිසක් තායිවානය නෙවෙයි. තායිවානය කෙටියෙන් හදුන්වනවා නම් තායිපේ කියලයි සාමාන්‍යයෙන් යෙදෙන්නේ. එත් ඉතින් බහුශ්‍රුත මාධ්‍යවේදියෝ හැමදේම අපිට වැඩිය දන්නවා නේ. ඒක නිසා ඔබතුමාලා හරි වෙන්න ඕනේ. (අ)
සමන්ති මැතිනියනි , ඔබ ලියා ඇති "පොර්මොසාව " තිබෙන්නේ ආසියාවේ නොවේ. එය ඉස්සර ආර්ජන්ටිනාවට අයත් එංගලන්තයට 99 වසරකට බදු දුන් පසුව එංගලන්තය එය ආර්ජන්ටිනාවට නොදී යුද්ධයක් කර පොර්මොසාවට වෙනම රටක් හැටියට නිදහස ලබාදුන්නා. අදටත් එයට ආර්ජන්ටිනා රජය අයිතිවාසිකම කියනවා. තායිවානය තිබෙන්නේ ආසියාවේ චීනයට අයිතිව තිබු දුපතක් , "සමාවන්න " ඔබ ලියා ඇති ප්‍රතිචාරය නිවරදී කිරීමක් පමණයි (නදී)