තරුණියකට හෙළු ආදර බැල්මක් ඇයගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූ පුවතක් වාර්තා වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයෙනි.
ඇරොන් ඒරියස් (19) හා ඔහුගේ මිතුරු ජමාල් හැරිස් (17) සිටියේ ඇරොන්ගේ මෝටර් රථයේ නැඟී නිවෙස් බලා යමිනි.මාර්ගයේ රතු එළියේ මෝටර් රථය නතර කරගෙන සිටි ඔවුන්ගේ ඇස ගැටුණේ අසළ රථයක සිටි ඇහැට කණට පෙනෙන තරුණියක වෙතය.
කොලූ කම නිසා ඇයට බැලූම් හෙළිමට හා විහිලූ තහලූ කිරීමට මිතුරන් දෙදෙන පෙළඹුණත් තරුණිය සිටිනුයේ යම් දෙයකට ඇති වු බියකින් බව තේරුම් ගැනීමට ඔවුනට වැඩි වේලාවක් ගියේ නැත.විහිලූ තහලූ කිරීම පැත්තකට දමා ඒ ගැන විපරම් කිරීමට යාමේදී තරුණිය ඔවුන් දෙසට හැරී ‘‘මා බේරාගන්න‘‘ යැයි මුමුණනු හදුනාගැනීමට මිතුරන් දෙදෙනට හැකි විය.
වහාම පොලිස් හදිසි ඇමතුම් සේවය අමතා මේ බව දැනුම්දුන් ඔවුන් කළේ තරුණිය සිටි රථය පසුපසින්ම තමන්ගේ රථයත් ධාවනය කිරීමය.මේ අතරවාරයේදී මාර්ග බාධකයක් යොදා තරුණිය සිටි රථය නතර කර ගැනීමට පොලිසියට හැකි වන්නේය.
එහිදී හෙළිවූයේ තරුණිය පැහැර ගෙන යමින් සිට ඇති බවයි.
තරුණයින් දෙදෙනාගේ ආදර බැලූම් වලට පින්සිදු වන්නට ඇයගේ දිවි බේරාගත හැකි විය.
COMMENTS
මට මගේ බිරිද හමු වුණෙත් ඔහොම තමා.(නදී)
අපෝ රන්දික ඔයා මාරයිනේ , මම නං පෙර පාසල් 75 කට විතර ගිහින් යන්තන් ගොඩ දාගත්තේ . (ස)
ඇමෙරිකාවේ ඕවා වුණාට මෙහෙ කරන්න යන්න එපා. කන්නයි වෙන්නේ අම්බානෙකට අවිශ්ක ,බණ්ඩාර හොඳට මතක තියාගන්න. (ස)
මම නම් 175 කට ගියත් හරි ගියේ නැහැ. අන්තිමට මේක තමි සෙට් වුනේ .(නදී)
කොහොමින් කොහොම හරි හොඳ දෙයක් වුනේ. ලංකාවේ ඉන්න අපේ ඇත්තන්ටත් ඔය වගේ ගැහැණු අපහරණය කරන නරුමයන්ගෙන් බේරා ගන්න හිත් පහල වේවා. (ස)
මමත් ඔය වැඩේ කරලා තියෙනවා. අන්තිමට නතර වුණේ අපේ ගෙදරට කෙල්ලගේ මහත්තයා ඇවිල්ලා අපේ තාත්තටත් නරක වචන වලින් බැන්නට පස්සේ. (නි)
කවුරු වුනත් එම තරුණයන් දෙදෙනා හොඳ හැදිච්ච දෙමව්පිය යුවලකගේ දරුවන්. අද ලංකාවෙත් එවැනි අය නැති වේගෙන යනවා. අද පිරිමි දරුවන්වත් දුෂණය කරන නරුමයන් ඉන්න රටක් වෙලා. අනිත් පැත්තට අපි ගෞරවයෙන් සලකපු ආච්චි අම්මලත් දුෂණය කරනවා. අපේ මව් බිමට දෙවියන්ගේම පිහිටයි. (ස)