‘ලෙට්ස්ගෝ හන්ටින්ග්‘ නම් නාමයෙන් හැදින්වෙන මේ දෙමාපියන්ගෙන් සැදි කණ්ඩායමේ උපාය වන්නේ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි වල චාටුවෙන් කුඩා දරුවන් රවටා තම පහත් ආශාවන් ඉටුකර ගැනීම සදහා යොදා ගන්නා පුද්ගලයින් කොටු කර ගැනීමයි.මේ සදහා ඔවුන් භාවිතා කරනුයේ කදිම උපක්‍රමයකි.ඒ තමන්ද වයස අවුරුදු 12 -15 අතර කුඩා දරුවන් බව බලන්නෙකුට ඒත්තු ගැන්වෙන ආකාරයේ ගිණුම් සමාජ වෙබ් අඩවි වල ඇති කර ගැනීමයි.
‘ඉතින් ඒ අයත් රැවටෙනවා.ඇයි අපි කුඩා ළමයි විදිහටනේ පෙනී සිටින්නේ.ගොඩක් අය එක සැරේට තම තමන්ගේ ගතු කියන්නේ නැහැ.අපෙන් ප්‍රශ්න අහල අහල තමයි මුණ ගැහෙන්න ඕන කියල කියන්නේ.ඒ වගේ දෙයක් පොඩි ළමයෙක්ට කියයිද වගකීමක් ඇති වැඩිහිටියෙක් ?‘ යැයි පවසන්නේ ‘ස්කම් බස්ටර්‘ නම් අනවර්ථ නාමයෙන් හැදින්වෙන කණ්ඩායමේ ප්‍රධානියාය.
කතාබහ අවසානයේ ළමා අපචාරකයාට මේ ‘දරුවා‘ නොදැක සිටීමට බැරි තත්ත්වයට පත්වූ පසු ඔවුන් කරන්නේ මුහුණට මුහුණ හමුවීමක් යෝජනා කිරීමයි.යෝජනාවට එකග වී අදාළ ස්ථානයට යන ළමා අපචාරකයාට තරු පෙනෙන්නේ එතැන සිටින්නේ තමා සිතූ පරිදි කුඩා දරුවෙකු නොව හොදින් වැඩුණු ඇගපත ඇති දෙමාපියන් පිරිසක් බව දැකීමෙනි.
‘අපි තැන තැන කැමරා අටවලයි තිඛෙන්නේ.සිදුවන සියල්ල ඒවායේ පටිගත වෙනවා.බොහෝ වෙලාවට අපිව දැක්ක ගමන් ඔවුන් උත්සාහ කරන්නේ පැනල යන්න.ඒත් අපි කොහොම හරි ඔවුන්ව අල්වා ගන්නවා.අපි අතරේ සිටින්නේ කරාතේ,ජුජිට්සු වැනි ආත්මාරක්ෂක සටන් කලා ප්‍රගුණ කළ දෙමාපියන් පිරිසක්.ඉතින් බය වෙන්න දෙයක් නැහැ‘ කණ්ඩායම් ප්‍රධානියා කියයි.
ළමා අපචාරකයෙකු බවට සැකකෙරෙනා පුද්ගලවා අල්ලා පොලිසියට භාරදෙන ඔවුන් ඊළගට කරන්නේ මෙහෙයුමේ වීඩියෝව අන්තර්ජාලයට එක් කිරීමයි.අන්තර්ජාලයේ ඒවා නැරඹුූ අයගෙන් ලැඛෙන ප්‍රතිචාර වලින් තමන් තව තවත් දිරිමත් වන බව කණ්ඩායම පවසයි.මේ වන විට ඔවුන් ළමා අපචාරකයින් බවට සැකකෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු අල්ලා පොලිසියට භාරදී තිබේ.
සමාජ සේවයක් වුවත් පොලිසිය නම් කියන්නේ මෙය තමන්ට අනුමත කළ නොහැකි ආකාරයේ කි්‍රයාදාමයක් බවයි.මෙනිසා ළමා අපචාරකරුවන් සොයා අරඹා ඇති පරීක්ෂණ කටයුතු වලටද බාධා සිදුවන බව පොලිසියේ මතයයි.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
193
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා අපචාර අල්ලන්න මාපිය හමුදාවක්
දම්මි Wednesday, 24 April 2013 09:28 AM
නියම වැඩක්! (නි)