පාකිස්තාන රජය පෙරැළීමට උත්සාහ ගන්නා කුමන්ත‍්‍රණ ව්‍යර්ථ කිරීමටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමටත් සැවොම එකමුතු විය යුතු යැයි අගමැති යූසොෆ් රාසා ගිලානි පවසයි.
පාකිස්තාන අගමැතිවරයා මේ බව කියා සිටියේ ඝාතනයට ලක් වූ හිටපු අගමැතිනියක වන බෙනාසීර් බූතෝගේ ගුණ සැමැරුමට සහභාගී වී ඇයගේ සොහොන් ගැබට පුෂ්පෝපාර දැක්වූ අවස්ථාවේදීය.
”පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අද අප මෙහි පැමිණියේ ඝාතනයට ලක්වූ බෙනාසීර් බූතෝ මහත්මියට ගෞරව දැක්වීමටයි. අප සැවොම එකමුතු වී පාකිස්තාන රජය පෙරළන්න දරන කුමන්ත‍්‍රණ ව්‍යර්ථ කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිගටම ස්ථාපිත කර ගැනීමට හැකි නම් තමයි අප සැබැවින්ම බෙනාසීර් බූතෝ මහත්මියට ගෞරව කළා වෙන්නේ” යැයි අගමැති ගිලානී ප‍්‍රකාශ කළේය.
බෙනාසීර් බූතෝ මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලි වූයේ 2007 වසරේ නොවැම්බර් 27 වැනිදාය. එම අවස්ථාවේදී ඇය රාවුල්පිණ්ඩි නුවර දේශපාලන රැලියකට සහභාගී වෙමින් සිටියාය.
එම ගුණ සැමරුමට බෙනාසීර් බූතෝගේ සැමියා මෙන්ම වත්මන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ද පැමිණ සිටිය්ය. ඇමෙරිකා හමුදා පාකිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝනය කරන්නේ ජනාධිපති සර්දාරිගේ දුර්වල නායකත්වය නිසැයි පාකිස්තාන ජනතාව සහ හමුදාව චෝදනා කරයි.
පාකිස්තාන ජනාධිපති අල් සර්දාරි ධුරයෙන් ඉවත් විය යුතු යැයි පාකිස්තාන හමුදාව, ජනතාව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද පවසයි. ජනාධිපති අල් සර්දාරිට එරෙහිව ඔහුගේ පාකිස්තාන ජනතා පක්ෂයෙන් ද විරෝධයක් ගොඩනැගෙමින් පවතී.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජය පෙරළන කුමන්ත‍්‍රණ පරදන්න අප සැම දෙනාම එක්විය යුතුයි