සැම්සුන් ආයතනය කොටස් දෙකක් වශයෙන් වෙන් කර පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෑතකදී මතභේදයකට තුඩු දුන් සැම්සුන් නෝට් 07 දුරකථනය නිසා ඇති වු පීඩනය මැඩ පැවත්වීමට මේ තීරණය ගත් බව එම ආයතනය කියයි.
ඒ අනුව මෙහෙයුම් සමාගම හා පරිපාලන සමාගම වශයෙන් කොටස් දෙකක් වශයෙන් වෙන් කිරීමට නියමිතය.ඉන් සමාගමේ කොටස් වල අගය වැඩි වනු ඇතැයිද ආයතන බලධාරීහු කියති.
සැම්සුන් නොට් 07 දුරකථනයේ බැටරියේ ඇති වු දෝෂයක් නිසා එම දුරකථනය පිපිරීමේ සිදුවීම් වාර්තා වු අතර ඒ හේතුවෙන් නෝට් 7 දුරකථන නිෂ්පාදනය නවතා දැමු අතර අලෙවි කළ දුරකථනද නැවත සමාගම වෙත ලබා ගැනිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.