IMG-LOGO

‘බලු මස් එපා‘

සුනඛයන් ආහාරයට ගන්නා වාර්ෂික උත්සවය තහනම් කරන ලෙස ඉල්ලා චීනයේ සත්ත්ව අයිතිය ක්‍රියාධරයන්  අත්සන් මිලියන 11 කින් යුත් පෙත්සමක් භාර දී තිබේ.

යූලින් නම් එම උත්සවය මෙම මස අග ආරම්භ වීමට නියමිත අතර එහි මුලිකවම සුනඛ මස් අනුභව කිරීම සිදු වෙයි. යූලින් නගරයේ දී ආරම්භ වීමට නියමිත එම උත්සවයට විරුද්ධව බොහෝ පිරිසක් විරෝධතාවයකද නිරත වූහ.  සමහර විරෝධතාකරුවන් තම සුරතල් බල්ලන්ද රැගෙන විත් තිබීම විශේෂත්වයකි.

මේ වන විට චීනයේ සත්ත්ව අයිතීන් වෙනුවෙන් ජනතාව තුල උද්‍යෝගයක් ඇති වෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරයි. සතුන්ට  හොඳින් සැලකිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. යුලින් උළෙලේ දී මරා දැමෙන බොහෝ සුනඛයන් සොරකම් කරන ලද සුනඛයන් බව විරෝධතාකරුවෝ පවසති.

මේ ගැන ලන්ඩනයේ ද පෙත්සමක් අත්සන් කර චීන තානාපති කාර්යාලයට භාර දීමට කටයුතු සිදුවෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිය වසරේ තිබූ උත්සවයේදී සුනඛයෙකු මැරීමට පෙර මිලක්ද නියම කළ බවට සදහන් වේ.

මිනිස් පරිබෝජනය සදහා මිලියන 30 ක් පමණ සුනඛයින් ඝාතනය වන බවට ද චීනයේ මෙන්ම කොරියාවේ ද සුනඛ මස් ආහාරයට ගැනීම වසර ගණනක අතීතයක සිට පැවතෙන බවට ද සදහන් වේ. කෙසේ වෙතත් සුනඛ මස් ආහාරයට ගැනීම සෞඛ්‍යට හිතකර බව එම උත්සවයට සහය පළ කරන පිරිස් පවසති.



අදහස් (0)

‘බලු මස් එපා‘

විකී Monday, 13 June 2016 08:35 AM

ඒක නවත්තන්න ඕනේ.(හේ)

:       0       0

අනුර Monday, 13 June 2016 08:59 AM

අපෝ බල්ලොවත් නොකන බලුමස් (අ)

:       0       0

තරුෂි පෙරේරා - එංගලන්තය Friday, 17 June 2016 04:29 AM

ජීවන්, බල්ලා කියන්නේ ඉතාමත්ම ගුණවත් අපේ හිතවත් සත්වයෙක්. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 16 June 2016 09:27 AM

බල්ලා කියන්නේ මිනිසාගේ ආදිතම මිතුරායි. මිනිසුන්ට වඩා තමන්ගේ ස්‌වාමියට හිතවත් වගේම විස්වාසවන්තයි. (ර)

:       0       0

දිරුක්ෂි Monday, 13 June 2016 09:30 AM

ඇත්තෙන්ම හොද තීරණයක්. අමානුෂික විදියට මේ සුනඛයන්ව මරණ ගෝත්‍රික ක්‍රමය තහනම් කරන්න ඕනේ. (ර)

:       0       0

අසෝකා Tuesday, 14 June 2016 09:10 AM

ඇයි බල්ලව විතරක් මරන්න එපා කියන්නේ? අනිත් සත්තු සත්තු නෙමෙයිද? ලොකු ගෙවල් වල හුරතලේට හදන හින්දද? දෙපා තියෙන මිනිස් සතාට වඩා අනිත් සත්තුත් බොහොම අහිංසකයි. (අ)

:       0       0

ජීවන් Wednesday, 15 June 2016 10:32 AM

කන්න නම් ඕනෑ නැහැ. හැබැයි මුළු රටේම ඉන්න බල්ලො ටික මරලා දානවා නම් මම කැමතියි. පුදුම වදයක්. අනෙක ලෙඩ. (නි)

:       0       0

රොෂාන් Monday, 13 June 2016 01:21 PM

පහුගිය කාලේ අපේ රටෙත් කිසියම් පිරිසක් ගව ඝාතනයට එරෙහිව මහා රැල්ලක් දියත් කළා නේද? හරක් පීකුදු වල රස දැනිලද, කුකුල් මස් කරියේ හෝ දඩ මස් වල රසටද ඌරු මසේ රහ වැටිලද දන්නේ නැහැ මේ දවස් වල කට්ටියගේ වැඩි සද්දයක් නැහැ (බ)

:       0       0

සෙනරත් Tuesday, 14 June 2016 05:27 AM

රොෂාන්, ඒ පහුගිය කාලෙනේ. දැන් ඒවාට ඉඩ නැහැ. දැන් එළඹිලා තියෙන්නේ මත්පැන් සහ සිගරට් බොමින්, කුකුල් මස්, එළුමස් සහ හරක් මස් වල රස බලන අලුත් සමාජයක කාලයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site