එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර අල් කඩිසියා හි දී විස වායුවක් ආඝ්‍රාණය වීමෙන් පාකිස්තාන ජාතිකයන් තිදෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වයස අවුරුදු 24, 45 හා 38 යන වයස්වල තිදෙනෙක් අනතුරින් මියගොස් ඇති බවත් ගෑස් සිලින්ඩරවලින් මෙම වායුව කාන්දුවී ඇති බවට සැක පළ කරන බවත් එරට පොලිසිය සඳහන් කරයි.
ඔවුන් හමුවීම සඳහා ඔවුන් සේවය කළ නිවසට පැමිණි අයකු එම තිදෙනා මියගොස් සිටින ආකාරය දැක පොලිසිය පැමිණිලි කර ඇතැයි කියති.
ඔවුන්ගේ සිරුරු පරීක්ෂාව සඳහා අධිකරණ විද්‍යාගාරයකට යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් දෙයියනේ! (නි)