අයිස්ලන්තයේ බාඩර්බුන්ගා ගිනිකන්ද පුපුරා ලාවා මිටර 30 පමණ ඉහලට විහිදෙන්නට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විද්‍යාඥයන් පවසන්නේ ගතවූ පැය 12ක පමණ කාලයේ දී ගිනිකන්දේ භූ කම්පන 300ක් පමණ සිදුවූ බවයි. ගිනිකන්ද පුපුරා ගිය ද අළු පිටවීමක් නොවූ බව ද ඔවුහු කියති. මුහුදු මට්ටමේ සිට සැතපුම් තුනක් පමණ ඉහළට මෙහි සුදු පැහැති දුම හා වායු විහිදී ගොස් ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ වායු අතර ඉතා අහිතකර වායු වර්ග ද තිබිය හැකි බවයි. කන්දේ ඇතිවී තිබෙන සැතපුමක් පමණ දිග පැල්මකින් ගඟක් ගලන්නා සේ ගින්දර දක්නට ලැබෙයි.
ගිනිකන්ද බැලීමට එන සංචාකරයන් ගෑස් ආවරණ පැළඳිය යුතු බව ද විද්‍යාඥයෝ අවධාරණය කරති. මින් පෙර ගුවන් ගමන් නවතා දමන ලෙස නිකුත් කළ රතු සංඥාව දැන් තැඹිලි පැහැය දක්වා වෙනස් කැර ඇත. ගිනි කන්ද පිපිරී ගිය ද අළු පිටනොවීම හේතුවෙන් එහි අවධානම අඩුවීම සංඥාවේ පැහැය වෙනස් කිරීමට හේතුවයි.
කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ මේ ස්වභාවය ඕනෑම මොහොතක වෙනස් වී ගිනිකන්දෙන් අළු පිටවීමට ද ඉඩ ඇති බවයි. ඒ හේතුවෙන් අවධානයෙන් සිටිය යුතු බව ද ඔවුහු කියති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිනි කන්ද පුපුරා ලාවා ගලයි
හීරා Thursday, 04 September 2014 03:42 AM
මේවා ඔක්කොම මැවුම් කරුගේ වැඩ තමයි. (නදී)
ඉසුරන්දි Thursday, 04 September 2014 05:20 AM
චමත්කාර දසුනක් (නදී)
ආනන්ද Thursday, 04 September 2014 11:54 AM
එක්කෙනෙක් ලගට ගිහින්. හිතා ගන්න බෑ කොහොමද එච්චර ලගට ගියේ (නදී)
නාරද Wednesday, 03 September 2014 04:06 PM
මේවට තමයි. කියන්නේ පන පිටින් අපායේ යනවා කියල .(අ).
ලක්ෂපාන Thursday, 04 September 2014 12:55 PM
අපරාදේ මේ වගේ ගිනිකඳු මැවුවේ. රත්තරන් කන්දක්වත් මැව්වා නම් සල්ලි තමයි. (නි)
ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 08:57 AM
චමත්කාරයි ! ලස්සනයි ! බිහිසුණුයි ! ඔය ගලන ලාවා වලට තමයි අපේ උපාසක අම්මලා කියන්නේ අපායේ ලෝ දිය කියලා (නි)
රූපවකී Wednesday, 03 September 2014 09:35 AM
බයේ බැහැ, ගොඩාක් ලස්සනයි (නදී)