තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවේචන එල්ල කිරීමට හෝ එම කටයුතුවලට මැදිහත් වීමට හෝ ඇමෙරිකාවට කිසිදු අයිතියක් නැතැයි ඉරානයේ පිළිගත් දේශපාලන විචාරකයකු වන මොහොමඞ් මරන්දි කියයි.
මරන්දි, මේ බව කියා සිටියේ ඉරානයේ ප්‍රෙස් ටීවී සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘ඇමෙරිකාව කටයුතු කරන්නේ ඔවුන්ගේ වාසියටයි. ඔවුන් සෞදි අරාබියේ, ඊශ‍්‍රායලයේ, කටාර් රාජ්‍යයේ, ජෝර්දානයේ හෝ අරාබි එමීර් රාජ්‍යයේ දේශපාලන ක‍්‍රමවේදවලට විරුද්ධ නැහැ. මේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ. සමහර රටවල ව්‍යවස්ථාවක් පවා ඇත්තේ නැහැ. දැඩිමතධාරී ආගමික ත‍්‍රස්තවාදීන් බිහි කරන්නේ ද මේ රටවල්. ඒත් ඇමෙරිකාවට ඒ ගැන තැකීමක් නැහැ’ යැයි මොහොමඞ් මරන්දි පෙන්වා දෙයි.
ඉරානයේ ඒකාධිපතිවාදී පාලන රටාව ඇමෙරිකාවේ දැඩි විවේචනයට ලක් වී ඇත. කෙසේ නමුත් මරන්දි පෙන්වා දෙන්නේ අරාබි වසන්තය ඔස්සේ ඊජිප්තුවේ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වන තුරුත්, ටියුනීසියාවේ බෙන් අලීගේ පාලනය අවසන් වන තුරුත් ඔවුන්ට සහාය දැක්වූයේ ඇමෙරිකාව කියාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.