IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නේටෝ මූලස්ථානයට කඩා වැදීමට පැමිණි විරෝධතාකරුවෝ 483 ක් අත්අඩංගුවට

බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර, උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවෝ 483 දෙනෙක් ඊයේ (2) පොලිස් අත්අඩංගුවට පත්වූහ. විරෝධතාව සංවිධානය කර තිබුණේ බෙල්ජියම් සාම කි‍්‍රයාකාරීන්ගේ එකමුතුවක් වන ‘ඇක්ෂන් ෆෝ පීස්’ සංවිධානයයි. විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක්, නේටෝ මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළේ නේටෝ හමුදා ඇෆ්ගන් සහ ලිබියා අර්බුදයට මැදිහත්වන බවටත් න්‍යෂ්ටික යුද්ධයක් ඇරැඹීමට කටයුතු කරන බවටත් චෝදනා කරමිනි. ”කිසිම විරෝධතාකරුවකුට ගොඩනැගිල්ලට ඇතුළු වෙන්න ඉඩක් ලැබුණේ නැහැ.” යැයි බ‍්‍රසල්ස් නුවර පොලිස්පති කි‍්‍රස්ටියන් දෙ කොනික් පවසයි. ‘නේටෝව එපා. නේටෝව විසුරුවා හරිමු. අපට දැන්ම සාමය  ඕනෑ’ යැයි කෑ ගසමින් විරෝධතා පුවරු අතැතිව පැමිණි විරෝධතාකරුවන් ගොඩනැගිල්ල ඉදිරියට පැමිණෙද්දී කැරැලි මර්දන පොලිස් නිලධාරීහු ඔවුන්ට හරස් වූහ. පොලිස් අශ්වාරෝහක බළකායක් ද ඒ අතර සිටියේය. ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ ගත් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවය. අත්අඩංගුවට ගැනීමේදී කිසිම විරෝධතාකරුවකුට අනතුරක් සිදු නොවූ බව බ‍්‍රසල්ස් පොලිස්පති අවධාරණය කරයි. විරෝධතාකරුවන් මෙල්ල කිරීමට පොලිස් නිලධාරීන් 600 ක් යොදවා තිබුණි. ”ලෝකයට යහපතක් කරනවා යැයි පවසමින් නේටෝව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වෙනවා. ආරක්ෂාව යැයි පවසමින් න්‍යෂ්ටික මිසයිල වැඩසටහනක් ආරම්භ කරන්න සැරසෙනවා. අප ඊට විරෝධය පළ කරනවා” යැයි ‘ඇක්ෂන් ෆෝ පීස්’ සංවිධානයේ ප‍්‍රකාශක බෙනෝයි කාල්වී පවසයි. විරෝධයට එක්ව සිටි වැඩි දෙනා බෙල්ජියම් ජාතිකයෝය. ඊට අමතරව නේටෝ සංවිධානයට අයත් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ජර්මනි, ස්පාඤ්ඤ, ස්වීඩන සහ තුර්කි රටවල සාම කි‍්‍රයාකාරීහු ද ඊට එක් වූහ.



අදහස් (0)

නේටෝ මූලස්ථානයට කඩා වැදීමට පැමිණි විරෝධතාකරුවෝ 483 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 70 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site