
විෂ කෘමිනාශක, දුමායනය හෝ මදුරු විකර්ශණ භාවිතයෙන් තොරව, මදුරු ගහනය පාලනය කිරීමේ නවතම සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ ඇත.
මෙම ක්‍රමය වන්නේ 'වොල්බැකියා' (Wolbachia) නමැති ස්වාභාවික බැක්ටීරියාව මදුරුවන්ට ආසාදනය කර උන් ස්වභාවික පරිසරයට මුදා හැරීමය.
මේ වනවිට 'වොල්බැකියා' (Wolbachia) බැක්ටීරියාව ආසාදිත මදුරුවන් 600,000 ක් පමණ පරිසරයට මුදා හැරීමට පියවර ගෙන ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
'වොල්බැකියා' (Wolbachia) බැක්ටීරියාව පිරිමි මදුරුවන්ගේ සිරුරුවලට ඇතුළත් කෙරෙන අතර, උන් ගැහැනු සතුන් සමග එක් වුණු විට බැක්ටීරියා හේතුවෙන් ගැහැනු මදුරුවන් දමන බිත්තරවලින් පැටවුන් බිහි වන්නේ නැත.
මෙතෙක් කල් රාජ්‍ය ආයතන සහ පර්යේෂණ ආයතන මට්ටමින් පමණක් පවත්වාගෙන ගිය මෙම ක්‍රමවේදය, ඇමරිකාවේ ප්‍රථම වතාවට පෞද්ගලික අංශයේ සේවාවක් ලෙස නිවාස හිමියන් වෙත ලබා දීමට ‘Bee Safe Mosquito Control’ සමාගම කටයුතු කර ඇත.
මේ වනවිට වොෂින්ටන් අගනුවර සහ මේරිලන්ඩ් හි පළාත් 25 ක් ආවරණය වන පරිදි සතියකට එක් ගෙවත්තකට මදුරුවන් 1,500ක් බැගින් මුදා හැරීම සිදුවන බව වාර්තා වේ.
යුනිවර්සිටි ඔෆ් කෙන්ටකි මගින් දියුණු කරන ලද තාක්ෂණය ඔස්සේ මෙම මදුරුවන් බෝ කර සපයනු ලබන්නේ මොස්කිටෝමේට් (MosquitoMate) සමාගම විසිනි. සාම්ප්‍රදායික කෘමිනාශක ඉසීම මගින් අනෙකුත් හිතකර කෘමීන්ට වන හානිය මෙමගින් වැළකෙන අතර, පරිසර හිතකාමී ලෙස මදුරු ගහනය පමණක් ඉලක්ක කර ගැනීමට හැකි වීම මෙහි ඇති විශාලතම වාසියයි.
ගෝලීය උණුසුම ඉහළ යාම සහ කාලගුණික වෙනස්වීම් හමුවේ, ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල ඩෙංගු, සිකා සහ වෙස්ට් නයිල් (West Nile) වැනි මදුරුවන්ගෙන් බෝවන වයිරස උණ රෝග ව්‍යාප්තියේ අවදානමක් පවතින බැවින් මෙවැනි පරිසර හිතකාමී තාක්ෂණයන් සඳහා වන ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ යමින් පවතී.
වොල්බැකියා තාක්ෂණය මීට පෙර සිංගප්පූරුවේ සාර්ථකව භාවිත කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යම් යම් ප්‍රදේශවල මදුරු ගහනය සියයට 90 දක්වා ප්‍රමාණයකින් පාලනය කිරීමට සමත් වී තිබේ. 2026 වසර අවසාන වන විට රටේ මුළු නිවාස සංඛ්‍යාවෙන් අඩක්ම මෙම ව්‍යාපෘතිය යටතට ගැනීමට සිංගප්පූරුව බලාපොරොත්තු වෙයි.
මීට අමතරව, ගූගල් (Google) සමාගමේ මව් සමාගම වන ඇල්ෆබැට් (Alphabet) සමාගම ද කැලිෆෝනියා සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල මෙම තාක්ෂණය අත්හදා බැලීමට අවශ්‍ය නීතිමය අනුමැතිය ලබා ගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd