වැඩිම චන්ද්‍රයන් සිටින බවට සලකන ලද බ්‍රහස්පති ග්‍රහයාට තිබු ස්ථානය සෙනසුරු ග්‍රහයා ලබාගෙන ඇතැයි අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ කුඩා ග්‍රහයන් පිළිබද සමීක්ෂණ ආයතනය කියයි.
සෙනසුරු වටා නව චන්ද්‍රයන් 20ක් අලුතින් සොයාගෙන ඇත. ඒ අනුව මේ වනවිට සෙනසුරුට සිටින චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් වන අතර, බ්‍රහස්පතිට සිටින චන්ද්‍රයන් ගණන 79ක් වේ.
අලුතින් සොයාගත් චන්ද්‍රයන් සෙනසුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් පිහිටන බවද සොයාගෙන ඇත.
හවායිවල ඇති විශේෂ තියුණු දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීමෙන් මෙම චන්ද්‍රයන් සොයාගෙන ඇත. අලුතින් සොයාගත් චන්ද්‍රයන් සදහා නම් යෝජනා කරන්නැයිද එම ආයතනය පවසයි.
(ද ගාඩියන් ඇසුරිනි)
16844
COMMENTS
කිලෝමීටර 5ක? මිලියන 5 නෙවෙයිද ?