කැරලි කරුවන් ග්‍රහණයේ පවතින සිරියාවේ ඊසාන දිග පෙදෙසේ සායනයකදී ළමුනට සරම්ප එන්නතක් ලබාදීමෙන් පසු 15 ක් මියගොස් තවත් 50 ක් පමණ රෝගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ දරුවන් අවුරුදු දෙකක් වයසැති දරුවන් පිරිසකි.
එක්සත් ජාතින්ගේ සංවිධානය මෙම එන්නත් වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වා තිබිණි. මේ සම්බන්ධයෙන් එලිදක්වන ලද එක්සත් ජාතින්ගේ වාර්තාවේ දැක්වෙන්නේ මෙම එන්නත් වලට වෙනත් රසායනික ද්‍රව්‍යයක් වැරදීමකින් මිශ්‍රවිම හේතුවෙන් මෙලෙස අහිතකර ලෙස බලපාන්නට ඇති බවයි. සිරියා රජය පවසන්නේ මෙම ක්‍රියාව අප්‍රසන්න අපරාධයක් බවත් ත්‍රස්තවාදී සංවිධාන වලට මෙහි වගකිව පැවරෙන බවත්ය.
මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරණ ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙප් මෙම එන්නත් වැඩ සටහන නවතා දැමු බවයි. එන්නත ගැන සොයා බැලීමට විශේෂඥ කණ්ඩායමක් යොදවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මේ පිලිබඳව පැවැත්වු මූළික විමර්ශනයේදී හෙලිවූයේ මෙම මරණ වලට හේතුව කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොව සාමාන්‍ය මිනිස් අත් වැරදීමක් බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පැවසුවේ වෛද්‍යවරුන් විසින් මෙම එන්නත් අවශ්‍ය කරණ මස්තු සමග මිශ්‍ර කරණු වෙනුවට වැරදීමකින් අධි මාත්‍රාවකින් යුත් පේශි ඉහිල්කරණු ලබන එන්නත් කුඩු සමග මිශ්‍ර කර ඇති බව කලින් නිකුත් කර ඇති වාර්තා දක්වා ඇති බවයි.
තම දරුවන් මිය යාමෙන් කුපිතයට පත් දෙමාපියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්විම පමණක් නොව වැරදි කරණ ලද වෛද්‍ය පිරිස් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ප්‍රකාශක ලින්ඩ්මෙයර් පැවසුවේ මෙවැනි තත්වයන් නැවත ඇති නොවීමට ප්‍රබල මාර්ගෝපදේශයන් නිකුත් කර ඇති බවත් නමුත් මිනිස් වැරදීම් 100% ක් වලක්වා ලීමට නොහැකි බවයි.
2025 දෙසැම්බර් මස 18
495
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරම්ප එන්නත වැරදී දරුවෝ මැරෙති
ඉසුරන්දි Saturday, 20 September 2014 05:25 AM
මේ දරුවෝ ජිවත්වෙලා හිටියත් මළවුන් හා සමානයි. මක් නිසාද යත් කැරලි කරුවන්ටත් රජයේ හමුදාන්ටත් මැදිව අපා දුක් විදින පිරිසක් බැවිනි. (නදී)
රිෂාර්ඩ් Saturday, 20 September 2014 08:00 AM
කෝ ළමයි මැරෙනවට කැමති කට්ටියගේ අදහස් ? මම දකින විදිහට කවුරුවත් මේවට අදහස් දාන්නේ නැහැ (නදී)