ලොව දෙවැනි විශාලතම දා ගැබ මහාරාෂ්ට්‍රයේ බටහිර බොම්බායේ ඉංදියාවේ බොරිවිල් නුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉදිකැර ඇත. බෝට්ටුවෙන් ද තවත් පසෙකින් ගොඩබිමෙන් ද මෙම මනරම් පුජනිය ස්ථානයට ළගාවිය හැකියි. උල්ලාස් නගරයේ බෞද්ධ විහාරාධිපති නලිවෙල ආනන්ද හිමියන්ගේ උපදෙස් මත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පරිපාලන කලමනාකරු සුරෙශ් බඳෙක මෙම විශ්මිත නිමෑවුම ගැන මෙසේ විස්තර කළේය.
ලෝකයේ නන්දෙසින් සංචාරකයන් මෙහි එනවා. දාගැබ හැඳීම ආරම්භ කළේ 1997දි හදලා ඉවර කළේ 2008දි. විවෘත කලේ 2009 පෙබරවාරි 8 වැනිදා මියන්මාර ගෘහනිර්මාණ ශිල්පින් අතිනුයි මෙ හැමදෙම නිම වුණේ. රත්තරන් පාට ගැන්විම තායිලන්ත වාත්තු ශිල්පින් අතිනුයි සිදු වුයේ. දාගැබට පසෙකින් ඇති බුදු පිලිම වහන්සේ තනි ගලකිනුයි නෙළලා ඇත්තේ. උස අඩි 15යි. බර ටොන් 60යි. දාගැබ හදන්න උපයොගි කරගත්තේ රතු ගල් ගෙනාවේ උත්තර ප්‍රදේශයෙන්. මහා දොඹකර මගින් ඒ ගල් ඉහළට ගෙන ගියා. දාගැබ අභයන්තරයෙ 10000කට භාවනා කරන්න පුළුවන්. ලෝකයේ ඕනෑම කෙනකුට අපි භාවනා වැඩසටහන් කරන්නේ නොමිලේ. දින 10 පාඨමාලාවට එන අය සදහා කෑම බිම ඉදුම් හිටූම් නොමිලේ දෙනවා. පැය භාගේ භාවනා වැඩසටහන් ද අපි කරනවා. අනුරාධපුරයේ අටමස්ථානාධිති ස්වාමින් වහන්සේ හා නලිවෙල අනන්ද හිමියන් අපිට ශ්‍රි මහා බොධියේ අංකුරයක් ගෙනත් පුජා කළා. තායිලන්ත, මියන්මාර්, ඉංදියා, ශ්‍රි ලංකා බෞද්ධයින්ගේ මුදල් වලින් තමයි මේ සෑය ඉදි කෙළේ.
ඇමරිකා ඩොලර් මිලියන 30ක් (රුපියල් මිලියන 3990) වටිනා මේ ඉඩම පරිත්‍යග කළේ විපස්සනා භාවනාව ප්‍රගුණ කළ පිංවතෙක්.
දාගැබෙ උස අඩි 325යි.
පළල අඩි 280යි.
වියදම ඉංදියානු රුපියල් කෝටි 185යි.(රුපියල් කෝටි 89.75)
අත්තිවාරමෙ ගැඹුර අඩි 30යි පළල අඩි 20යි.
රතු ගල් ප්‍රමාණය මිලියන 2.5යි.
වැලි ලොරි 3000යි.
වැයවු මිනිස් ශ්‍රමයේ කාලය පැය මිලියන 90යි.













COMMENTS
මේක හරිම වටිනා වැඩක්. කොහොම වුනත් මෙතරම් වටිනා රුපියල් කෝටි400 ක් වටිනා ඉඩමක් පුජ කරන්න තරම් මේ මනුස්සය නිර්ලෝභී වුනා කියන්නේ? ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඇත්තටම දැන් මෙම ස්ථානය දැක්කොත් මේ ඉඩම පූජා කල උතුමා හදවතින්ම සතුටු වෙනවා ඇති .(අ)
මේක ලංකාවේ කරා නම් කොමිස් ගැහුවා කියාවි. මිනිසුනේ ඇස් අරින්න. හැම කෙනාටම බල තන්හාව (නදී)
සාදු සාදු සාදූ!!! (නි)
සාධූ ! සාධූ !! සාධූ !(හේ)
අදාල ලිපිනයන් ලබා දෙන්න (නදී)
හරිම අදර්ශමත් පුන්‍ය කර්මයක් ඇමරිකා ඩොලර් මිලියන 30ක් (රුපියල් මිලියන 3990) වටිනා මේ ඉඩම පරිත්‍යග කළේ විපස්සනා භාවනාව ප්‍රගුණ කළ පිංවතෙක්.බලන්න බුදු දහම හරියට ඉගනගත් පුද්ගලයෙක්ගේ දැනුම සහ වටිනාකම මුලිකම දේ දාන,සීල,භාවනා දානය යනු අතහැරීමයි මේ ඉඩමදුන් පින්වතා මුලිකම දේ කරලා තියෙන්නේ අද සමාජයට කොයිතරම් වැදගත් පණිඩයක්ද දීල තියෙන්නේ ?(අ)
මේකේ ශාඛා ලෝකේ පුරාම තියෙනවා. ලංකාවෙත් දැන් ශාඛා 3ක් තියෙනවා. මහනුවර ධම්ම කුට, අනුරාධපුර ධම්ම අනුරාධ හා අවිස්සාවේල්ල කොස්ගම ධම්ම සෝභා. ඔබතුමන්ලා තවමත් විපස්සනා භාවනාවේ අරුමය අත්විඳලා නැත්තම් වහාම මේ එකක දවස් 10 යේ වැඩසටහනකට යන්න. ලංකාවේ ඒවත්, ලෝකේ වටා රටවල් 54ක තිබෙන එහි ශාකා 150 කට කිට්ටු ගණනත් සම්පුර්ණ පරිත්‍යාග. වැඩසටහන් නොමිලේ. නඩත්තුවෙන්නේ පරිත්‍යාගවලින්මයි. මෙහෙ කැලිෆෝර්නියා ප්‍රාන්තේ හතරක් තියෙනවා. බැලුවොත් ඇත්නම් හොදටම ෆුල්. මාස හයකටවත් කලින් අැප්ලිකේෂන් දාන්න ඕනේ. මමත් දවස් 10 යේ වැඩසටහන් හයකට සහභාගී වෙලා තියෙන නිසා කියන්නේ. ඔබත් ගිහින් පුහුණුවෙලා ධර්මයේ අසිරිය තමා තුලින්ම විඳගන්න. (නදී)
බුදු සසුන බැබළේවා! සැමට මෛත්‍රිය කෙරේවා! සෙත් ශාන්තිය අත්වේවා! (නි)
"සාදු සාදු" !! විදර්ශනා කියන්නේ විද්‍යා දැක්මය. ලෝකය හා නොඇළී නොගැටී මුලනොවී වාසය කරන්නට ඔහුට පුළුවනි. (නි)