
සති අන්තයේ පැවැත් වුණු ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුණු අතර, එම සන්ධානයට නායකත්වය දුන් ‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.
ඉතාලි අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් තේරී පත් වන පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර ඇත.
ජියෝර්ජියා මොලෝනීගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට මුහුණ දුන් දක්ෂිණාංශික දේශපාලන සන්ධානය සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව ඉතාලි මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.
දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට අභියෝගයක් වීමට උත්සාහ ගත් වාමාංශික දේශපාලන සන්ධානයට හිමි කර ගැනීමට හැකි වූයේ සියයට 22 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
(රොයිටර්)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.