උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන් ගතකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
මෙම ප්‍රක්ෂේපණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළේ සිට නැගෙනහිර මුහුද ලෙස හැඳින්වෙන ජපාන මුහුද දෙසට ක්‍රියාත්මක කර තිබේ.
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (ජේසීඑස්) කියා සිටියේ ඒවා කෙටි දුර බැලස්ටික් මිසයිල යැයි විශ්වාස කරන බවයි.
මාස 18 ක නිහැඬියාවකින් පසු පසුගිය මැයි මාසයේ මිසයිල අත්හදා බැලීම් ආරම්භ වූ අතර එයින් පසු බොහෝ මිසයිල ගුවන් ගතකෙරිණි.
උතුරු කොරියාව සිය අවසන් අත්හදා බැලීම නොවැම්බර් මාසයේදී සිදු කළේය.
එය "සුපිරි විශාල බහු රොකට් ගුවන්ගත කිරීමක්" ලෙස හැඳින්විණ.
අද(02) අත්හදාබැලීම සිදුවන්නේ දකුණු කොරියාව සහ ඇමරිකාව, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාස කල් දමන බව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව ය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්, ඕන්න මම නම් ඔව්වා දැක්කේ නැහැ.
මේ මිනිස්සුන්ට හොඳටම පිස්සු... රටේ මිනිස්සුන්ට කන්න නැහැ.. රොකට් හදන බොරු චණ්ඩියෙක් වෙන්න හදනවා... කෝ මානව හිමිකම්? කෝ ප්‍රජාතත්‍රවාදය? කොරෝනා හැදිලා කියලා වෙඩිතියලා මනුස්සයෙක් මැරුවා... මේවා තමයි මිහිපිට අපායවල්...
දැන්ම එකක් හදලා තියාගන්න. හැබැයි නැගලා යන්න පුලුවන් විදියට. කොරෝනා පස්සේ එලවනවෝ...
කොරෝනා වයිරස් දාලා විද්දද කියන්න බැහැ. ඕනෑ කුජිතුවක් වෙන්න කියලා...