2018 වර්ෂයේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, එන්සයිම සම්බන්දව පර්යේෂණයක් සිදුකළ විද්‍යාඥයින් තිදෙනකුට හිමිව තිබේ.
ඇමරිකානු ජාතිකයින් වන ෆ්‍රාන්ස් ආර්නෝල්ඩ්, ජෝර්ජ් ස්මිත් සහ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජි වින්ටර් ඔවුන් තිදෙනායි.
මොවුන් කේම්බ්‍රිජ් සරසවියේ විද්‍යාඥයින් ලෙස කටයුතු කරන අතර වෙනස් තාක්ෂණයක් ඔස්සේ නව ප්‍රෝටීන නිපදවීම කෙරෙහි මෙම ත්‍යාගය හිමිව තිබේ.
මෙම නව එන්සයිම සෛල වල රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන ජෛවීය උත්තේජකයක් ලෙස ක්‍රියා කිරීමට සමත් වේ.
ෆ්‍රාන්ස් ආර්නෝල්ඩ් රසායන විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් නොබෙල් සම්මානය දිනාගන්නා පස්වැනි කාන්තාව වේ. ඇයට සම්මානයට හිමි මුදලින් භායක් හිමිවන අතර ස්මිත් සහ වින්ටර් අතර ඉතිරි භාගය සම සමව බෙදී යයි.
(බීබීසී ඇසුරිනි - 085)
COMMENTS
දරුවනේ ඉගෙනගන්න. ලොව වටිනාම දේ අධ්‍යාපනයයි. තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් හැමවිටම ආත්ම තෘප්තිය ලබන්න පුළුවන් ලෝකයේ එකම දේ තමන් ලබන නිවැරදි අධ්‍යාපනයයි.