IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ බලය සමාජවාදී පක්ෂයට

උත්තර ප‍්‍රදේශ් මහඇමැතිනී මායාවතීගේ බහුජන පක්ෂය සහ පාලක ඉන්දීය කොංග‍්‍රසය අභිබවා, විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට අකිලේෂ් යාදේව්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී පක්ෂයට හැකිවිය. උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත සභාවේ ආසන 403 න් ආසන 224 ක් දිනා ගනිමින්, ඉදිරියට පැමිණි සමාජවාදී පක්ෂයට ප‍්‍රාන්ත සභා රජයක් පිහිටුවීමට හැකි වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ප‍්‍රාන්ත රජයක් පිහිටුවීමට නම් පක්ෂයක් ලබා ගත යුත්තේ ආසන 202 ක් පමණි. ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ අකිලේෂ් යාදෙව් සඳහන් කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා මෙන්ම තම පියා ද වන මුලායම් සිං යාදව් මහ ඇමැති ධූරයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ප‍්‍රාන්තයේ මහ ඇමැතිනිව සිටින මායාවතීගේ බහුජන පක්ෂය ද පරාජයට පත්වූ අතර ඔවුනට හිමි කර ගත හැකි වූයේ ආසන 80ක් පමණි. ඒ අනුව මායාවතීගේ බහුජන පක්ෂය දෙවැනි ස්ථානයට පත් වූ අතර මායාවතීට ප‍්‍රාන්ත මහ ඇමැති ධුරය ද අහිමි වේ. ඉන්දියාවේ ‘කුලහීන රැජින’ යනුවෙන් ප‍්‍රකට මායාවතීගේ පරාජයට හේතු වූයේ ඇයට එරෙහිව එල්ල වී ඇති මුදල් වංචා සහ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම සම්බන්ධ චෝදනාය. ප‍්‍රාන්තයේ දිළිඳු ජනතාව පීඩා විඳිමින් සිටියදී ඇය සැපවත් ජීවිතයක් ගත කළ බවට චෝදනා එල්ල වෙමින් පවතී. ඇය පෞද්ගලික ගුවන් යානාවක් යොදා ගනිමින් සපත්තු ගෙන්වා ගත් බවට රහස් වාර්තාවක් විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ද ප‍්‍රසිද්ධියට පත්විය. ප‍්‍රාන්ත අගනුවර වන ලක්නව් නුවර පුරා ඇයගේ ප‍්‍රතිමා ඉදිකරමින් මහජන මුදල් නාස්ති කිරීම ප‍්‍රාන්ත වැසියන්ගේ අප‍්‍රසාදයට හේතු වූ බව, ජයග‍්‍රහණය කළ සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදේව් මාධ්‍ය හමුවේ කියා සිටියේය. ජනතාව කුලය හා ආගම අභිබවා සමාජවාදී පක්ෂයට ඡුන්දය ප‍්‍රකාශ කළ නිසා සිය පක්ෂයට බහුතර බලයක් හිමි කර ගැනීමට හැකි වූයේ යැයි ද හෙතම අවධාරණය කළේය. වත්මන් ඉන්දියාවේ බලය හොබවන ඉන්දීය කොංග‍්‍රසයට උත්තර ප‍්‍රදේශ් ඡුන්ද සටනේදී සිවුවන ස්ථානය හිමි වූ අතර ඔවුන්ට හිමිකර ගැනීමට හැකි වූයේ ආසන 38 ක් පමණි. කොංග‍්‍රස් පක්ෂය වෙනුවෙන් උත්තර ප‍්‍රදේශ් ඡුන්ද සටන මෙහෙයවූයේ ගාන්ධි/නේරු පරපුරෙන් පැවැත එන, කොංග‍්‍රස් පක්ෂ මහ ලේකම්වරයා ද වන රාහුල් ගාන්ධිය. මෙම පරාජය ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටින රාහුල්ගේ ඉදිරි දේශපාලන ගමන් මගට විශාල කැළැලක් බවත් ඔහුගේ දේශපාලන ප‍්‍රතිරූපය බිඳී ගිය බවත් ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. උත්තර ප‍්‍රදේශ් ඡුන්දයේදී පරාජයට පත්වීමෙන් පසු රාහුල් ගාන්ධි කියා සිටියේ තමා ඡුන්ද ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන කටයුතු කළ බවත් පරාජයේ වගකීම තමා භාර ගන්නා බවත්ය. පරාජයට හේතු වූයේ කොංග‍්‍රස් පක්ෂයේ මනා සංවිධානයක් නොතිබීම බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත ඡුන්දයේදී තම ආසන ප‍්‍රමාණය තුන් ගුණයකින් වැඩි කර ගැනීමට රාහුල් ගාන්ධි ප‍්‍රමුඛ කොංග‍්‍රසය බලාපොරොත්තු වූ බව ද වාර්තා විය. හින්දු ජාතිකවාදී පක්ෂය මෙන්ම ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස ද සැලකෙන ‘භාරතීය ජනතා පක්ෂය’ දිනා ගත්තේ ආසන 47 කි. කොංග‍්‍රස් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 28 කි. මීට පෙර පැවැති ප‍්‍රාන්ත මැතිවරණයෙන් මායාවතී විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත් අවස්ථාවේදී, කොංග‍්‍රස් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 22 කි. ආසන 60 කින් සමන්විත, මනිපූර් ප‍්‍රාන්ත සභාවේ ආසන 42 ක් දිනා ගැනීමට කොංග‍්‍රස් පක්ෂය සමත්විය. ඔවුන් බලය තහවුරු කර ගත්තේ මනිපූර් ප‍්‍රාන්තයේ පමණි. ගෝව ප‍්‍රාන්තයේ බලය ද මෙවර කොංග‍්‍රසයට අහිමි විය. ඔවුන්ට දිනා ගැනීමට හැකි වූයේ ආසන නවයක් පමණි. ගෝව ප‍්‍රාන්තයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ භාරතීය ජනතා පක්ෂයයි. ඔවුන් ලැබූ ආසන සංඛ්‍යාව 21 කි. ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ උපන් ගම් පළාත වන පන්ජාබයේ ජය තහවුරු කළේ ශීක්වරුන්ගේ ‘ෂිරෝමානී අකාලී ඩාල්’ පක්ෂයයි. ඔවුන් ආසන 56 ක් දිනා ගත් අතර කොංග‍්‍රස් පක්ෂයට හිමිවූයේ ආසන 46 කි. භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන ගණන 12 කි. හිමාල කඳුකරයේ ද කොටසක් අයත් වන උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ කොංග‍්‍රසය ආසන 32 ක් හා භාරතීය ජනතා පක්ෂය ආසන 31 ක් බැගින් ලබාගෙන ඇත. එහෙත් ආසන 70 කින් යුත් උත්තරකාන්ද් ප‍්‍රාන්ත රජයක් පිහිටුවීමට ඔවුන් දෙගොල්ලන්ටම හැකියාවක් ලැබී නැත.



අදහස් (0)

උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ බලය සමාජවාදී පක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site