සංහාරයකට සහ යුද අපරාධවලට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කර සිටින බලයෙන් ඉවත් කරන ලද සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් කිසිදු රටකට බාර නොදෙන බව එරට නව හමුදා පාලකයෝ අද (12) ප්‍රකාශ කළහ.
“ජනාධිපතිවරයා මේ වනවිට රැඳවුම්භාරයේ පසුවෙනවා” යැයි සුඩානයේ නව මිලිටරි කවුන්සිලයේ දේශපාලන කමිටුවේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඕමාර් සැනින් අල් අබ්දීන් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
“අපි හමුදා කවුන්සිලයක් විදියට, අපේ පාලනය යටතේ ජනාධිපතිවරයා කිසිදු රටකට බාර දෙන්නේ නැහැ” යැයි අබ්දීන් පැවැසීය.
බලයෙන් පහ කළ සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුව සම්බන්ධයෙන් විමසූ විට අබ්දීන් එම කරුණු සඳහන් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.