IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ජමාත් ඊ ඉස්ලාමී’ පක්ෂය තහනම් කරන්න පියවර

කාශ්මීරය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් වන ‘ජමාත් ඊ ඉස්ලාමී’ පක්ෂය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.

එම පක්ෂය මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ සිටින සටන්කාමීන්ට සහයෝගය දක්වන බවට චෝදනා කරමින් ඉන්දීය රජය එම පියවර ගෙන තිබේ. 

කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය පොලිසිය කරන ලද මෙහෙයුම්වලදී එම පක්ෂයට සම්බන්ධ 300කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව ද ඉන්දීය පොලිස් නිලධාරියෙක් පැවැසීය. 
පෙබරවාරි 14 වැනිදා පුල්වාමාහිදී එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.  ඉන්දීය පාලනයේ තිබෙන කාශ්මීර ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ල විය. 
 
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි. 

එම ප්‍රහාරයෙන් පසු කාශ්මීරයේ දිගින් දිගටම මෙහෙයුම් දියත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. 

‘ජමාත් ඊ ඉස්ලාමී’ නිර්මාණය කරන ලද්දේ 1942 වසරේදීය. බෙදුම්වාදී දේශපාලනයේ නිරත වීමට පෙර එම පක්ෂය දශක දෙකකට ආසන්න කාලයක් ඉන්දියාවේ මැතිවරණවලට සහභාගි විය. 
වසර 1989 දී කාශ්මීරයේ ඇති වූ කැරැල්ලෙන් පසු ඔවුන් එලෙස බෙදුම්වාදී දේශපාලනයට එක්විය. 

මීට පෙර දෙවතාවකදී එම පක්ෂයට තහනම් පැනවීමට කටයුතු කර තිබිණි. ජමාත් ඊ ඉස්ලාමී පක්ෂය කාශ්මීරය ඉන්දියාවෙන් නිදහස්  විය යුතු යැයි කියයි. 

රොයිටර් ඇසුරිනි
 

055



අදහස් (0)

‘ජමාත් ඊ ඉස්ලාමී’ පක්ෂය තහනම් කරන්න පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site