
යේමනයේ ෂබ්වා නමැති පළාතේ පිහිටි යේමන රජයේ හමුදා පුහුණු කඳවුරකට ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්ගෙන් බලැස්ටික් මිසයිල ප්රහාරයක් එල්ල විය. එම ප්රහාරයෙන් කඳවුරේ සිටි ඇමෙරිකන් සෙබළුන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
මිසයිල ප්රහාරය එල්ල වූයේ හමුදා කඳවුරේ උදෑසන පුහුණුවීම්වල නියැලෙමින් සිටි හමුදා සොල්දාදුවන් ඉලක්ක කර ගනිමිනි.
හූතිවරුන් යනු යේමන රජයට එරෙහිව සිවිල් යුද්ධයක නියැලෙන ෂියා මුස්ලිම්වරුන්ය. මොවුන්ට ඉරානයේ සහාය ලැබෙන අතර, යේමනය රජයට සෞදියේ සහාය හිමිවෙයි. හූතිවරුන් සහ සෞදිය අතර විරසකයක් පවතින්නේ ද මේ නිසාය. යේමනයේ සනා අගනුවර සහ එරට උතුරු ප්රදේශයේ වැඩි කොටසක් පාලනය කරන හූතිවරුන් පාලනය යටතේ පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd