ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අම්රුල්ලා සලේ මහතා ඉලක්ක කරගනිමින් අද (09) පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
එම ප්‍රහාරයෙන් දිවි බේරාගැනීමට උප ජනාධිපතිවරයා සමත්ව ඇති අතර හයදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපතිවරුන් කිහිපදෙනකු සිටින අතර ඉන් පළමුවැන්නා අම්රුල්ලා සලේ ය. ඔහුගේ රථ පෙළ ඉලක්ක කරගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇතැයි ද එම ප්‍රහාරයෙන් උප ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නැතැයි ද, උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයෙන් නැතැයි තලේබාන් සංවිධානය මේ වනවිටත් ප්‍රකාශ කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වෙමින් තිබෙන මොහොතක ය. විවිධ හේතු මත ඇෆ්ගන් සාම සාකච්ඡා මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද විය.
“අද, තවත් වරක් ඇෆ්ගනිස්තානයේ සතුරන් සාලේහ් ට අනතුරක් කරන්න උත්සාහ කළා. එහෙත් යක්ෂයාගේ හස්තය අසමත් වුණා. ප්‍රහාරයෙන් සාලේහ් ට කිසිදු අනතුරක් නැහැ” උප ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමින් උප ජනාධිපතිවරයාගේ ප්‍රකාශක රස්වාන් මුරාද් සඳහන් කළේය.
බෝම්බ ප්‍රහාරයෙන් උප ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් කිහිපදෙනකු තුවාල ලබා ඇති අතර රථ කිහිපයකට හානි සිදුව තිබේ.
ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි උප ජනාධිපතිවරයා, ප්‍රහාරයෙන් තම මුහුණට ඉතා කුඩා පිළිස්සුම් තුවාලයක් සිදු වූ බවත් අතකට ද තුවාල වූ බවත් කීවේය.
මෙම ප්‍රහාරයට තම සංවිධානයේ හෝ තම සටන්කාමීන්ගේ සම්බන්ධයක් නැතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් පැවැසීය.
රොයිටර්
055
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇෆ්ගන් උප ජනාධිපතිවරයාගේ රථ පෙළට බෝම්බ ප්‍රහාරයක්