ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ‘හාරේට්ස්’ පුවත්පත ඊයේ (03) වාර්තා කළේය.ඉරානයේ හමුදා කඳවුරු සහ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඊශ‍්‍රායල අගමැති ඉකුත් සති කීපය පුරා ඊශ‍්‍රායල ආරක්ෂක ඇමැති එහුඞ් බැරැක් සමඟද සාකච්ඡා පවත්වා ඇති බවත් ඊශ‍්‍රායල අගමැතිවරයාට දැන් අවශ්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ සහාය බවත් ‘හාරේට්ස්’ පුවත්පත පවසයි.ඊශ‍්‍රායල් පුවත්පතක් වන ‘හාරේට්ස්’ එම තොරතුරු වාර්තා කර තිබුණේ ඊශ‍්‍රායල රජයේ ජේයෂ්ඨ නිලධාරියකුගෙන් ලබා ගත් තොරතුරු පාදක කර ගනිමිනි.ඊශ‍්‍රායල හමුදාව, එරට ආරක්ෂක අමත්‍යාංශය සමඟ එක්වී ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට හැකි ආකාරයේ දිගු දුර ‘බැලැස්ටික් මිසයිල’ අත්හදා බැලීමක් ද සිදු කර ඇතැයි වාර්තා වේ.ඊශ‍්‍රායල දේශපාලනඥයන් අනුමාන කරන්නේ අගමැති නෙදන්යාහුට කැබිනට් මණ්ඩලයේ බහුතරයකගේ සහාය හිමිවනු ඇති බවය. ඊශ‍්‍රායල අභ්‍යන්තර කටයුතු ඇමැති එලී යිෂායි, බුද්ධි අංශ කටයුතු පිළිබඳ ඇමැති ඩෑන් මෙරිඩෝර් සහ ආර්ථික ඇමැති යුවාල් ස්ටෙයිනිස් අගමැති නෙදන්යාහුගේ තීරණයට විරෝධය පළ කරනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.කෙසේ හෝ ඊශ‍්‍රායලය, ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඊශ‍්‍රායලයේ සමීපතම මිතුරා වන ඇමෙරිකාව ඒ පසුපස සිටිනු ඇති බවත් අගමැති නෙදන්යාහු ගන්නා තීරණ බොහොමයක් ඇමෙරිකාවේ තීරණ වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.ඉරානයට පහර දීමට ඊශ‍්‍රායලය සූදානම් බව හෙළි වීමත් සමඟ ඇමෙරිකාව කියා සිටියේ තමන් එම ගැටුමට මැදිහත් නොවන බවය. ගැටුමක් ඇතිවීමට ඉඩ නොදී රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් දෙරට අතරේ ඇති අර්බුද නිරාකරණය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ද ඇමෙරිකාව අවධාරනය කරයි.ඊශ‍්‍රායලයෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමේ යුද ශක්තියක් තමන් සතුව පවතින බවත් ඊශ‍්‍රායලය එසේ කළොත් ඔවුන්ට ඒ ගැන පසු තැවෙන්න සිදුවනු ඇති බවත් ඉරාන හමුදාපති ජනරාල් හසන් ෆිරෝසබාඞී අනතුරු අඟවා ඇත.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරානයට පහර දෙන්න ඊශ‍්‍රායල අගමැති කැබිනට් සහාය පතයි